Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මුතුමාලි 16 න් නවතී

මුතුමාලි 16 න් නවතී

editorial - 2021 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කටාර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු මේසපන්දු ශූරතාවලියේ කාන්තා කේවල ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේදී ජපානයේ හිනා හයාටා හමුවේ තරග වට 3-0 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ මුතුමාලි ප‍්‍රියදර්ශනීට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිවිය.

අවසන් 16 දෙනාගේ වටයේදී මුතුමාලිගේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩිකාව බවට පත්වූ හිනා හයාටා, 2019 සහ 2017 වසරවල පැවැති මේසපන්දු ලෝක ශූරතාවලීන්හිදී පිළිවෙලින් කාන්තා යුගල ඉසව්වල රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ඇති අතර 2018 වසරේ පැවැති මේසපන්දු ලෝක ශූරතාවලීයේදී කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම දිනාගෙන ඇත.

මුතුමාලි පරාජය කිරීමෙන් පසුව අර්ධ අවසන් පූර්ව වටයේදී වට 3-0 ක් ලෙස හොං කොං කී‍්‍රඩිකා කෙම් හොයි දෝ පරාජය කළ හයාටා, අවසන් පූර්ව වටයේදී වට 3-2 ක් ලෙස තවත් ජපන් කී‍්‍රඩිකාවක් වන සාකි ශිබාටා පරාජය කරමින් කාන්තා කේවල ඉසව්වේ අවසන් මහ තරගයටද සූදුසුකම් ලබාගත්තාය. අවසන් තරගයේදී ඇය කොරියානු කී‍්‍රඩිකා යුබින් ශින්ට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටියාය.

පළමු වටයේදී වට 3-0 ක් ලෙස කටාර් රාජ්‍යයේ මර්යාම් අලී පරාජය කළ මුතුමාලි, දෙවැනි වටයේදී තායිලන්තයේ අනිසාරා මුවාන්සුක් හමුවේ නිතරග ජයක් ලැබුවාය. ඉන් අනතුරුව තෙවැනි වටයේදී ඉරානයේ මර්යාම් ෆරේයිට එරෙහිව වට 3-1 ක ජයක් ලබමින් ඇය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තාය.

 


අදහස් (0)

මුතුමාලි 16 න් නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.