Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මැතිව් අබේසිංහ - බලාපොරොත්තු පොදි බැඳගෙන

මැතිව් අබේසිංහ - බලාපොරොත්තු පොදි බැඳගෙන

editorial - 2021 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට‍ ඇතුළත්ව සිටින එකම පිහිනුම් ක්‍රීඩකයා වන මැතිව් අබේසිංහ ශ්‍රී ලංකාවෙන් බිහිවූ අති දක්ෂ පිහිනුම් ශූරයෙකි. 1996 වසරේ මාර්තු මස 19 වැනිදා උපන් ඔහු ‍මේ වන විට 25 වැනි වියේ පසුවන අතර පිහිනුම් ක්‍රීඩාවෙන් මෑතකදී පදක්කම් රැසක් ශ්‍රී ලංකාවට දිනා දුන් ක්‍රීඩකයෙකි. 

ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේද පිහිනුම් වාර්තා කිහිපයකටම හිමිකම් කියන මැතිව්, මින් පෙර 2016 වසරේදී පැවැති රියෝ ඔලිම්පික් උළෙලේදීද ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඔලිම්පික් අවශ්‍යතා අනුව මෙවර ශ්‍රී ලංකාවට හිමි ස්ථාන දෙකින් ක්‍රීඩකයාගේ ස්ථානය හිමිකරගත් මැතිව්, පිහිනුම් ලෝක ශූරතාවලියේ පරිසාධන මට්ටමටද ලඟා වූ එකම ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩකයාද වෙයි. 

මෙවර ඔලිම්පික් උළෙලේදී තමන්ට යා හැකි දුර සම්බන්ධයෙන් මැතිව්ට බලාපොරොත්තු රැසක් ඇතත් කට ඉස්සරකර ගැනීමට ඔහුගේ උනන්දුවක් නැත. 
 
2018 වසරේ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී මීටර් 100 නිදහස් ආර ඉසව්වේ අවසන් පූර්ව වටය දක්වා පැමිණි මැතිව් එම වසරේම ඉන්දුනීසියාවේදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 100 නිදහස් ආර ඉසව්වේ 6 වැනියා බවටද පත්විය.  

2016 වසරේ ඉන්දියාවේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ඔහු, 2019 වසරේ නේපාලයේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 7 ක් සහ රිදී පදක්කමක් දිනාගත්තේය‍.

ඒ අනුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදී ඕනෑම ක්‍රීඩාවකින් ශ්‍රී ලංකා ක්‍රීඩක‍යෙක් දිනාගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යා‍වේ වාර්තාවටද (රන් පදක්කම් 7 ක්) මැතිව් හිමිකම් කියන අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම පදක්කම් සංඛ්‍යාවක් (රන් 14 යි, රිදී 3 යි, ලෝකඩ 1 යි) දිනාගත් ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා අතරට එක්ව සිටියි.
 
සැකසුම - ශානුක අරවින්ද 


අදහස් (0)

මැතිව් අබේසිංහ - බලාපොරොත්තු පොදි බැඳගෙන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.