බස්නාහිර පළාතට සීමාවූ විවෘත ශේණිගත කිරීමේ මේස පන්දු තරගාවලියක් අද සහ හෙට (14 සහ 15) දින වල ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක‍්‍රීඩාගාරයේදී පැවැත්වේ.
අයි. ඇන්ඞ්. ඞී මේස පන්දු පුහුණු පාසල විසින් සංවිධාන කරනු ලබන මෙම තරගාවලියේදී වයස අවුරුදු 8 න් පහළ, 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ සහ 18 න් පහළ වයස් කාණ්ඩ යටතේද, විවෘත කාණ්ඩය යටතේද පිරිමි සහ කාන්තා යන අංශ දෙකින්ම තරග පැවැත්වේ. තරගාවලියට සහභාගීවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව 500 කට අධිකය.
තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට සහතිකපත‍්‍ර වලට අමතරව ත්‍යාග පිරිනැමෙන අතර තරගාවලියේ සියලූම තරගකරුවන්ට සහභාගීත්වය වෙනුවෙන්ද සහතිකපත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටී.
නෙස්ලේ, ස්ටිගා, ප‍්‍රීමා සහ අබාන්ස් යන සමාගම් තරගාවලියේ අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කරති.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.