Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බණ්ඩාර තුන්වැනි දිනයටත් පෙරමුණ රැකගනී

බණ්ඩාර තුන්වැනි දිනයටත් පෙරමුණ රැකගනී

රොෂාන් ගුණරත්න - 2013 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පින් ප‍්‍රනාන්දු ගෝන්පී‍්‍ර ගොල්ෆ් තරගාවලියේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන තරගයේ තුන්වැනි දිනය  නිමා වන විට ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට විජිත බණ්ඩාර සමත්වී තිබේ. පළමු දිනයේදී පහර 71 කින් සහ දෙවැනි දිනයේදී පහර 68 කින් තරග වට නිමා කළ ඔහුට, තෙවැනි දිනයේදී ඒ සඳහා පහර 70 ක් වැයවී තිබිණ.

පළමු දිනය නිමා වන විට 7 වැනි ස්ථානයේත්, දෙවැනි දිනයේ නිමා වන විට 5 වැනි ස්ථානයේත්, පසුවූ සිසිර කුමාර තෙවැනි දිනයේදී පහර 72 කින් තරගය නිමා කිරීමත් සමග ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

තරගය ආරම්භවූ දිනයේ සිටම එන්. රංගා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අතර ඔහුට තරග වට 3 නිමා කිරීම සඳහා වැයවී තිබෙන පහර සංඛ්‍යාව 232 කි.

තුන්වැනි දිනය අවසානයේදී ඉදිරියෙන් සිටින කී‍්‍රඩකයෝ

1. විජිත බණ්ඩාර        71    +    68    +    70    =    209
2. සිසිර කුමාර           81    +    77    +    72    =    230
3. එන්. රංගා             77    +    79    +    76    =    232
4. බී. ඒ. රෝහණ      82    +    82    +    71    =    235
5. පී. හේමරත්න        86    +    76    +    75    =    237
5. එන්. අමරපද්ම       85    +    77    +    75    =    237
7. එස්. සෂිනාදන්       76    +    82    +    80    =    238
7. ජී. එම්. ප‍්‍රදීප් කුමාර  80    +    77    +    81    =    238
9. ඞී. එම්. ප‍්‍රදීප්          83    +    77    +    81    =    241
10. යූ. එම්. ජී. ප‍්‍රදීප්    80    +    76    +    88    =    244
11. චලිත පුෂ්පික        87    +    76    +    82    =    245
11. එල්. ලෝරන්ස්     80    +    82    +    83    =    245

 


අදහස් (0)

බණ්ඩාර තුන්වැනි දිනයටත් පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.