Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පිහිනුම් තරග ඉරිදා

පිහිනුම් තරග ඉරිදා

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හයිටෙක්නික් පිහිනුම් ක්‍රීඩා සමාජය දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන හයිටෙක්නික් අන්තර් සාමාජික (බාලක/බාලිකා) වයස් කාණ්ඩ කෙටිදුර පිහිනුම් තරගාවලිය ඉරිදා (25 වැනිදා) අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය පිහිනුම් තටාකයේදී පැවැත්වේ.

මේ පිහිනුම් තරගාවලිය වයස 7න් පහළ, 8න් පහළ, 9න් පහළ, 10න් පහළ, 11න් පහළ, 13න් පහළ, 15න් පහළ හා 17න් පහළ බාලක බාලිකා වශයෙන් පැවැත්වේ.

හයිටෙක්නික් පිහිනුම් ක්‍රීඩා සමාජය නියෝජනය කරන දිවයින පුරා සිටින පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලියට තරග ඉසව් 72ක් යටතේ පැවැත්වේ.

 


අදහස් (0)

පිහිනුම් තරග ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.