Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි සවාරිය 15 දා වැළිවේරියේදී

පාපැදි සවාරිය 15 දා වැළිවේරියේදී

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැලිවේරිය එකමුතුව සංවිධානය කරන විවෘත ස්ටෑන්ඩර්ඞ් පාපැදි සවාරිය මේ මස 15 වැනිදා පෙරවරු 8.00 ට වැලිවේරිය කාන්ති ක‍්‍රීඩාංගණය අසළින් ඇරැඹෙයි. දිවයිනේ නමගිය පාපැදි ශූරයන් ඇතුඵ තරගකරුවන් රැසක් සහභාගිවන මෙම තරගයේ සමස්ත දුර ප‍්‍රමාණය කිලෝමීටර 130 කි.

වැලිවේරිය, රදාවන මාර්ගය ඔස්සේ පැමිණ, මාර්ග අංක 231 පාරෙන් යක්කල මංසන්දියට පැමිණ එතැනින් මිරිස්වත්ත, බැලූම්මහර හරහා නැවත වැලිවේරියට පැමිණෙන තරගකරුවෝ එම මාර්ගයේම වට පහක් ධාවනයේ යෙදෙති.

තරගයේ පාපැදි ශූරයාට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් 100,000 කි. දෙවැනි ස්ථානය හිමිකරගන්නා තරගකරුට රුපියල් 75,000 ක් ද, තෙවැනි ස්ථානය ලබන තරගකරුට රුපියල් 50,000 ක්ද ලෙස මුදල් ත්‍යාග පිරිනැමේ.


- 090

 


අදහස් (0)

පාපැදි සවාරිය 15 දා වැළිවේරියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.