Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පානදුර අළුබෝමුල්ල තක්ෂිලා ජල ක්‍රීඩා සමාජය සංවිධානය කළ සමස්ත ලංකා පංච ප්‍රයාම පිහිනුම් තරගාවලියේ කාන්තා ශූරතාව කළුතර බාලිකා විදුහල විසින් හා පිරිමි ශූරතාව පානදුර මෙගලෝඩන් ක්‍රීඩා සමාජය විසින්ද දිනා ගන්නා ලදී.
එහිදී තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමටත් පානදුර මෙගලෝඩන් ක්‍රීඩා සමාජය සමත් විය.
ජයග්‍රාහී කළුතර බාලිකා විදුහලේ ප්‍රධාන පුහුණුකරු ලෙස ෂෙල්ටන් ප්‍රනාන්දු මහතාත්, ජයග්‍රාහී මෙගලෝඩන් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස අසේල ප්‍රියංකර මහතාත් කටයුතු කළේය.
මෙම ජල ක්‍රීඩා තරගාවලිය කාණ්ඩ හයකින් මීටර 25 හා මීටර 50 කාන්තා හා පිරිමි ප්‍රධාන ඉසව් දෙකකින් සමන්විතව පැවැත්වුණි. ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 200 ක් පමණ සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.