මේ දිනවල පවතින වැසිබර කාළගුණික තත්ත්වය නිසා හෙට සහ අනිද්දා (14 සහ 15) දෙදින මාතලේ එඞ්වර්ඞ් කී‍්‍රඩා පිටියේ සහ නන්දිමිත‍්‍ර ඒකනායක කෘති‍්‍රම හොකී පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ මාතලේ ”නිජබිම සටන” හොකී තරගාවලිය කල්දමා තිබේ.
එම තරගාවලිය මේ මස 28 සහ 29 යන දිනවල එම කී‍්‍රඩාපිටි වලද්ීම පැවැත්වීමට විධිවිධාන යොදා ඇතැයි මාතලේ විජය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මාධ්‍ය ලේකම් පාලිත වීරසිංහ මහතා පැවසීය.
මාතලේ විජය ආදි ශිෂ්‍ය සංගමය 7 වැනි වරටත් මෙම හොකී තරගාවලිය සංවිධානය කරයි. මෙම තරගාවලියට සමගාමීව ජාතික මට්ටමේ පාසල් හොකී තරගාවලියක්ද මෙවර පැවැත්වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.