කොළඹ ශූරතා ටෙනිස් තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දිනාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සහ නෙත්මි වඩුගේ සමත්වූහ.
ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය විසින් 98 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය කාළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
පිරිමි අංශයේ අවසන් මහ තරගයේදී දිනේෂ්කාන්තන් තංගරාජා හමුවේ තරග වට 3 - 0 ක් ලෙස පරාජයට පත්වූයේ අම්රේෂ් ජයවික‍්‍රමයි. එම තරගයේ ලකුණු සටහන් වූයේ 6 - 4 ක්, 6 - 2 ක් සහ 7 - 6 ක් ලෙසිනි.
රොෂෙන්කා ප‍්‍රනාන්දු, නෙත්මි වඩුගේ හමුවේ කාන්තා අංශයේ අවසන් මහ තරගය පරාජයට පත්වූයේ තරග වට 2 - 1 ක් ලෙසය. 1 - 6 ක්, 6 - 2 ක් සහ 7 - 6 ක් ලෙස එහි ලකුණු සටහන් විය.
තරගාවලිය සඳහා අනුග‍්‍රහය දැක්වූයේ එයාටෙල් සමාගමයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.