Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු සංචිතයට 18 ක්

දැල්පන්දු සංචිතයට 18 ක්

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම තෝරා ගැනීමේ තේරීම් තරගාවලියෙන් ක‍්‍රීඩිකාවන් 18 දෙනකු නව සංචිතයකට ඇතුළත් කර තිබේ.

කී‍්‍රඩිකාවන් 39 දෙනකුගෙන් සමන්විතව තිබු ජාතික දැල්පන්දු සංචිතයේ තේරීම් ක‍්‍රීඩා ඇමැතිවරයාගේ නියමයෙන් අවලංගු කරමින් නැවත අලූතින්ම විවෘත තේරීම් පරීක්ෂණයක් පවත්වා ක‍්‍රීඩිකාවන් 18 දෙනකු තෝරා ගැනීමට දැල්පන්දු තේරීම් කමිටුව කටයුතු කළේය.

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී බදාද (25) පැවැති මෙම නව තේරීම් පරීක්ෂණය සඳහා ක‍්‍රීඩිකාවන් 41 දෙනකු සහභාගි වු අතර ඉන් 18 දෙනකු තෝරා ගැනීමට කටයුතු කෙරිණ.

මෙම තේරීම් පරීක්ෂණයේදී කලින් සංචිතයට ඇතුළත්ව සිටි නාවික හමුදා කී‍්‍රඩිකාවන් වන ගයත‍්‍රි උපේක්ෂා, දුෂාන් බණ්ඩාර, ගුවන් හමුදාවේ රුක්ෂලා හපුආරච්චි සහ හංසිමා දිසානයකට නව සංචිතයේ ස්ථාන අහිමිව තිබේ.

යුද හමුදා ක‍්‍රීඩිකාවන් වන ගයත‍්‍රි කෞෂල්‍යා, නදුනි ජයවීර, කාංචනා ජයවීර සහ දුලංගා ධනංජි ක‍්‍රීඩිකාවන් නව සංචිතයේ ස්ථාන හිමිකර ගෙන සිටිති.

මෙම නව සංචිතයේ ක‍්‍රීඩිකාවන් 18 දෙනාගෙන් අවසන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වන ක‍්‍රීඩිකාවන් 12 දෙනා තෝරා ගැනීමේ තරග ජුනි මස 4 සහ 5 දෙදින පැවැත්වීමට නියමිතය.

ආසියානු දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන 10 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය ජුලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා සහභාගිවන රටවල් ගණන 10 කි.


ජාතික දැල්පන්දු නව සංචිතයේ ක‍්‍රීඩිකාවන් 18 දෙනා:

විරාජි චාමරිකා (පොලිසිය), ගයනි දිසානායක (නාවික හමුදාව), දීපිකා දර්ශනී අබේකෝන් (නාවික හමුදාව), ගයත‍්‍රී කෞෂල්‍යා (යුද හමුදාව), සුරේඛා කුමාරි (ගුවන් හමුදාව), ශ්‍යාමලී රත්නායක (නාවික හමුදාව), ගයංජලී අමරවංශ (හැටන් නැෂනල් බැංකුව), පුර්ණිමා ලක්මාලි (ගුවන් හමුදාව), තිළිණි වත්තෙගෙදර (ගුවන් හමුදාව), රුවනි යටිගම්මන (එල්.බී.ෆිනෑන්ස්), නදුනි ජයවීර (යුද හමුදාව), තිවංකා පෙරේරා (ගුවන් හමුදාව), දුලංගා ධනංජි (ගුවන් හමුදාව),කාංචනා ජයවීර (යුද හමුදාව), දර්ශිකා අබේවික‍්‍රම (හැටන් නැෂනල් බැංකුව), ලක්මාලි බණ්ඩාර (නාවික හමුදාව) සහ සේමිණී ද අල්විස් (වරාය)

 


අදහස් (0)

දැල්පන්දු සංචිතයට 18 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.