ජාතික ටෙනිස් ශූරතාවලියේ කණිෂ්ඨ අංශයේ වයස 18 පහළ බාලිකා අංශයේ ශුරතාව දිනාගැනීමටට තිසුරි මොල්ලිගොඩ අද (17 වැනිදා) සමත්වූවාය. අවසන් මහ තරගයේදී තිසුරි විසින් තරග වට 2-1 ක් ලෙසින් හසිඳි ලොකුගේ පරාජය කරන ලදි.
මෙම අවසන් තරගය ඊයේ (16 වැනිදා) ආරම්භ වුවත්, ඊයේ සවස් කාලයේ ඇතිවූ මන්දාලෝක තත්ත්වය හේතුවෙන් තරගය අතර මැද නතර කිරීමට සිදුවිය. අද දිනයේදී නැවතත් තරගය ආරම්භ කරන විට තරග වට 5/7 ක්, 6/4 ක් සහ 5/1 (නිමා නොවූ තරග වටය) ක් ලෙස තිසුරි මොල්ලිගොඩ ඉදිරියෙන් සිටියාය.
සිකුරාදා තරගය නතර කරන විට තරගකාරියන් දෙදෙනාම තරග වටයක් බැගින් ජයගෙන සිටීම හේතුවෙන් අද දිනයේදී තරගය තරමක් උණුසුම් මුහුණුවරක් ගත්තේය. අවසානයේ එම තරග වටයෙන්ද ලකුණු 7/5 ක් ලෙස ඉතා තියුණු ජයක් ලැබූ තිසුරි මොල්ලිගොඩ සමස්ත තරගාවලියේ කණිෂ්ඨ අංශයේ ශූරිය බවට පත්වූවාය.
බ‍්‍රහස්පතින්දා (15 වැනිදා) පැවති පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස තෙව්නි දේවරාජා පරාජය කරමින් හසිඳි ලොකුගේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර තිසුරි මොල්ලිගොඩ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-1 ක් ලෙස කාවින්ද්‍යා ද සිල්වා පරාජයට පත්කරමිනි.
වයස 18 පහළ බාලිකා අවසන් තරගයේ ප‍්‍රතිඵල
වයස 18 පහළ බාලිකා අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.