ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ සාමාජිකයක් වූ ජගත් කල්දේරා, සුදත් කෝලිත සහ සුජිත් මංජුකුමාර් යන තිදෙනාගේ සාමාජිකත්වය ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ විධායක කමිටුව විසින් තාවකාලිකව තහනම් කරනු ලැබ තිබේ. මෙම සාමාජිකයන් තිදෙනා විසින් ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ විධායක සභාවට මෙන්ම එහි වගකීම් දරණ නිලධාරීන්ටත් සමස්තයක් වශයෙන් වූෂූ ක්‍රීඩාවටත් අවමන් වන පරිදි කටයුතු කිරීම හේතුවෙන් මෙම තහනම පනවා ඇතැයි ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය කියයි.
මෙම තිදෙනාගේ මෑත කාලීන ප්‍රකාශ සම්බන්ධයෙන් වූෂූ සම්මේලනයට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව, විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති බවත් එම විනය පරීක්ෂණ අවසන් වන තුරු මෙම තාවකාලික තහනම බලපැවැත්වෙන බවත් ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය ව්‍යවස්ථාවේ “නීති 5 III - ඒ”වගන්තිය දිගින් දිගටම උල්ලංඝණය කරමින් පසුගිය වසර දෙකක කාලයක් තිස්සේ මෙම සාමාජිකයන් තිදෙනා කටයුතු කර ඇති බවත් කියැවේ. ඒ අනුව ඔවුන්ට පනවා ඇති තහනම් කාලය තුළ ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය නියෝජනය කරමින් එහි සාමාජිකයෙකු ලෙස කිසිදු කටයුත්තකට ඔවුන්හට සහභාගීවීමට නොහැකි බවද වූෂූ සම්මේලනය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.
ඔවුන් තිදෙනාගෙන් අයකු කිසි දිනෙක වූෂූ ක්‍රීඩකයකු ලෙස කටයුතු කර නොමැති හෙයින් එම තැනැත්තා වූෂූ සම්මේලනයේ සාමාජිකත්වය ලබාගත් අයුරු පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස සාමාජික සංගම් රැසකගෙන් පැමිණිලි ලැබී ඇති බවත් වූෂූ සම්මේලන නිවේදනයේ සටහන් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.