ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත ටෙනිස් තරග ප්‍රතිඵල වෙනස් කිරීමට කටයුතු කළ පුද්ගලයන් 13 දෙනකු අත්අඩංගුවට ගැනීමට බෙල්ජියානු බලධාරීන් කටයුතු කර තිබේ.
තරග ප්‍රතිඵල වෙනස් කිරීම සඳහා බෙල්ජියම සහ ආර්මේනියාව අතර සබඳතා ඇති අපරාධ සංවිධානයක් 2014 වසරේ සිට වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයන්ට අල්ලස් දෙමින් ඔට්ටු දැමීමට ඉඩ කඩ සලසමින් අයුතු ලෙස ලාභ උපයා ඇතැයි ෆෙඩරල් පරීක්ෂකයෝ පවසති.
ජර්මානු, ප්‍රංශ, බල්ගේරියානු , ස්ලෝවැකියානු, නෙදර්ලන්ත සහ එක්සත් ජනපද ෆෙඩරල් නිලධාරීන් සමග එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව බෙල්ජියානු පරීක්ෂයෝ පැවැසූහ.
බ්‍රසල්ස්හිදීය (රොයිටර්)
- 055
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.