ජාතික ටෙනිස් ශූරතාවලියේ කණිෂ්ඨ අංශයේ තරග වලදී ජය ලැබූ නාලක දිසානායක (10 න් පහළ බාලක), අංජලිකා කුරේරා (10 න් පහළ බාලිකා), ප‍්‍රනීල් ජයසිංහ (12 න් පහළ බාලක), සිතාරා අඹවත්ත (12 න් පහළ බාලිකා), ආඬවන් පුෂ්පරාජ් (14 න් පහළ බාලක) සහ මෙදීරා සමරසිංහ (14න් පහළ බාලිකා) ඔවුන් නියෝජනය කළ වයස් කාණ්ඩ වල ශුරතා දිනාගැනීමට සමත්වූහ.
ඒ අනුව 98 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ කණිෂ්ඨ අංශයේ පැවැත්වීමට ඉතිරිව ඇත්තේ වයස 12 න් පහළ සහ 14 න් පහළ බාලිකා අවසන් තරග 2 පමණි.
දැන් ආරම්භ කර ඇති විවෘත අංශයේ තරග ලබන 25 වැනිදා දක්වා කොළඹ ටෙනිස් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
වයස 14 පහළ බාලක අවසන් තරගයේ ප‍්‍රතිඵල
ආඬවන් පුෂ්පරාජ් විසින් තරග වට 2 - 0 ක් ලෙස ප‍්‍රවීන් ස්ටීල් පරාජය කරන ලදී. (6/1, 6/2)
වයස 14 පහළ බාලිකා අවසන් තරගයේ ප‍්‍රතිඵල
මෙදීරා සමරසිංහ විසින් තරග වට 2 - 1 ලෙස රුක්ෂිකා විජේසූරිය පරාජය කරන ලදී.(6/3, 6/1)
වයස 12 පහළ බාලක අවසන් තරගයේ ප‍්‍රතිඵල
ප‍්‍රනීල් ජයසිංහ විසින් තරග වට 2 - 1 ක් ලෙස මානේල් අල්ගම පරාජය කරන ලදී. (4/6, 6/3, 6/3)
වයස 12 පහළ බාලිකා අවසන් තරගයේ ප‍්‍රතිඵල
සිතාරා අඹවත්ත විසින් නතාෂා මුණවීර තරග වට 2 - 0 ක් ලෙස පරජය කරන ලදී. (7/6, 6/3)
වයස 10 පහළ බාලක අවසන් තරගයේ ප‍්‍රතිඵල
අංජලිකා කුරේරා විසින් ලකුණු 9 - 8 ක් ලෙස නයාරා වීරවංශ පරාජය කරන ලදී.
වයස 10 පහළ බාලිකා අවසන් තරගයේ ප‍්‍රතිඵල
නාලක දිසානායක විසින් ලකුණු 9 - 1 ක් ලෙස රාකේෂ් රත්නසිංහම් පරාජය කරන ලදී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.