Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජූඩෝ ශූරතා දෙකම ගම්පොල ජිනරාජ විදුහලට

ජූඩෝ ශූරතා දෙකම ගම්පොල ජිනරාජ විදුහලට

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා පාසල් ජූඩෝ තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ගම්පොළ ජිනරාජ පිරිමි විදුහලේ ප‍්‍රභාත් පුෂ්පකුමාර ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස කෑගල්ල රිවිසඳ මහා විද්‍යාලයේ කේ.එල්.එම්.පී.කේ. ලියනගේ ද තේරී පත්වූහ.

අධ්‍යාපන අමාත්‍යාංශය හා පාසල් ජූඩෝ සංගමය එක්ව සංවිධානය කර තිබූ මෙම තරගාවලිය ගම්පොළ වික‍්‍රමබාහු ජාතික පාසල් ප‍්‍රධාන ශාලාවේ දින 03 ක් පුරා පැවැත්විණි. පාසල් 70 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 600 කට අධික පිරිසක් මෙම තරගාවලිය සඳහා සහභාගි වී සිටියහ.

තරගාවලියේ ලකුණු 42.5 ක් ලබා ගනිමින් සමස්ත බාලක ශූරතාවය දිනා ගැනීමට ගම්පොළ ජිනරාජ පිරිමි මහා විද්‍යාලය සමත් විය. ලකුණු 13 ක් ලබා ගනිමින් එහි අනුශූරතාව ගම්පොළ වික‍්‍රමබාහු ජාතික පාසලත්, ලකුණු 10 ක් ලබා ගනිමින් තෙවන ස්ථානය නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලත් හිමි කර ගත්හ.

ලකුණු 32.5 ක් ලබා ගනිමින් ගම්පොළ ජිනරාජ බාලිකා මහා විද්‍යාලය බාලිකා ශූරතාව දිනා ගත් අතර එහි අනුශූරතාව ලකුණු 20.5ක් ලබාගත් කෑගල්ල රිවිසඳ මහා විදුහල ලබා ගත්තේය. ලකුණු 10 ක් ලබා ගනිමින් වැලිඩම ජනාධිපති විද්‍යාලය තෙවන ස්ථානයට තේරී පත්විය.

මෙම තරගාවලියේ විශේෂත්වය වූයේ ප‍්‍රථම වතාවට උතුරු පළාත නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගි වීමයි.
මෙම තරගාවලියේ ආරාධිත අමුත්තන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ බී.ඒ. අබේරත්න, පළාත් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ අතුල ජයවර්ධන, ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ සභාපති ප‍්‍රියන්ත යන මහත්වරු සහභාගි වූහ.

 


අදහස් (0)

ජූඩෝ ශූරතා දෙකම ගම්පොල ජිනරාජ විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.