ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයට දීප්ති අල්විස් මහත්මිය තෝරාගනු ලැබ ඇතැයි වාර්තාවේ. ඇය එම ධූරයට පිට පිටම පත් දෙවැනි අවස්ථාව මෙය වන අතර අනුමැතිය සඳහා ඇගේ පත්වීම මේ වන විට ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට යොමු කර තිබේ.
මෙවර ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයට අපේක්ෂිකාවන් පස් දෙනකු ඉදිරිපත් වු අතර ඒ අතරින් පී.ඞී.එන්.ප‍්‍රසාදි මහත්මිය ජාතික සහය දැල්පන්දු පුහුණුකරු ධුරයට නිර්දේෂ වී ඇතැයිද දැල්පන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජානකී ගුණසේකර, ෆ‍්‍රැන්සිස්කා හඳපාන්ගොඩ හා සොමිතා ද අල්විස් යන මහත්මීහුද මෙවර ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය සඳහා අයැදුම්කර තිබුණි. වෙළෙඳසේවා දැල්පන්දු සංගමය කළ පැමිණිල්ලකට අනුව එහිදී සොමිතා ද අල්විස් මහත්මිය ධූරයේ සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවීමට ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා උපදෙස් දෙනු ලැබීය.
යළිත් ජාතික දැල්පන්දු පුහුණුකරුධූරයට නිර්දේෂ වී සිටින හිටපු ජාතික දැල්පන්දු නායිකාවක්ද වන දීප්ති අල්විස් මහත්මිය සිඞ්නි නුවරදී පැවැති ලෝක දැල්පන්දු ශූරතාවලියට සහභාගි වු ශ්‍රී ලංකා දැල්පන්දු පිලේ පුහුණුකාරිණිය ලෙස කටයුතු කළාය. සහය පුහුණුකරු ධූරයට නිර්දේෂ වු ප‍්‍රසාදි මහත්මිය ද ශ්‍රී ලංකා දැල්පන්දු පිලේ හිටපු නායිකාවකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.