ඉකුත් වසරේදී (2017) අන්තර්ජාතික මේසපන්දු සම්මේලනයෙන් ලැබුණ ගංවතුර ආධාර මුදල් 2017 වසරේදී ගංවතුරෙන් පීඩාවට පත් වූ ප්‍රදේශවල මේසපන්දු සංගම් සහ පාසල් අතර තවමත් බෙදා දී නැතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඉකුත්දා පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී ඉතා උණුසුම් කතාබහක් හටගෙන ඇතැයිද ‘ලංකාදීප’ යට වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් මේස පන්දු සංගමයේ වැඩබලන සභාපති චතුර ජයේන්ද්‍ර මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ අන්තර්ජාතික මේසපන්දු සම්මේලනයෙන් ගංවතුර ආධාර ලෙස ලැබුණ ඇමරිකානු ඩොලර් 7500 ක් (රුපියල් ලක්‍ෂ 12 කට ආසන්න මුදලක්) තම සංගමයට ලැබුණ බවත්, ඉන් කොටසක් මේසපන්දු පුහුණුකරුවන්ගේ වැඩමුළු සඳහා වැය වූ බවත්ය.
වැඩමුළු සඳහා වැයවූ මුදල පිළිබඳ වාර්තාවක් සකස්කොට එය ජාතික ඔලිම්පික් කමිටුව වෙත ඉදිරිපත් කිරීමෙන් නැවත එම මුදල ලබාගත හැකි බව කී ජයේන්ද්‍ර මහතා, ලබන ජූලි මස 1 වැනිදා වනවිට සම්පූර්ණ ආධාර මුදල රත්නපුර සහ මාතර යන ප්‍රදේශවල ක්‍රීඩා සමාජ සහ පාසල් අතර බෙදාදීමට බලාපොරොත්තු වන බවද පවසා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.