ක්‍රීඩා අමාත්‍යවරයකු නොමැති සුවිශේෂ අවස්ථාවකදී ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණයක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට ඉදිරිපත් වන අභියාචනා විභාග කිරීම සඳහා අභියාචනා කමිටුවත් පත්කිරීමේ බලය හිමිි නිලධාරියා කවුරුන්ද යන්න නීතිපතිවරයාගෙන් විමසීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.
ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා සහ ක්‍රිකට් නිලවරණ කමිටුව අතර ඊයේ (12 වැනිදා) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණ දෙකකට එළඹ තිබේ. එහි දෙවැනි තීරණය වන්නේ අභියාචනා කමිටුවත් පත්කිරීමේ බලය හිමි නිලධාරියා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නිර්දේශය ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා බාරගැනීම කල්දැමීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා හෙට (14) සහ ලබන සඳුදා (17) යන බාරගැනීමට නියමිතව තිබුණි.
ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ නිලවරණය පෙබරවාරි මස 7 වැනිදා පැවැත්වීමට උපරිම උත්සහ කරන බවයි.
“මේක සුවිශේෂි තත්ත්වයක්.. නැතුව අපේ වැරැද්දක් නොවෙයි”
“මේ අවස්ථාවේදී අභියාචනා කමිටුව පත්කිරීමේ බලය ඇති නිලධාරියා ගැන නීතිපතිවරයාගෙන් විමසීමට හෙටම කටයුතු කරනවා” යයි මුතුමාල මහතා පැවසීය.
“ඒ වගේම නාමයෝජනා කැඳවීමේ දිනය ඉතාමත් අඩු දින ගණනකින් පස්සට දැමීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එය ක්‍රීඩා පනතේ විධිවිධාන අනුව, නිලවරණයට බාධාවක් නොවෙන්න කරන්න අපි උපරිම උත්සහ කරනවා. එම දිනය නිලවරණ කමිටුව පසුව තීරණය කරයි” යැයි ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැවසීය.
ක්‍රීඩා නීතියට අනුව නාමයෝජනා කැඳවා නිලවරණය පැවැත්වීමට දින 40 ක කාලයක් ලබාදිය යුතුය. මෙම තත්ත්වය මත. පෙරවාරි මස 9 වැනිදාට පෙර නිලවරණය පැවැත්වීමේ හැකියාවක් නැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.