ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 89 වැනි ක්ලිෆඞ් කුසලාන බොක්සිං තරගාවලිය ලබන ඔක්තෝබර් මස 18 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහිදී ඔක්තෝබර් මස 18 වැනිදා පස්වරු 3.00 සිට මූලික වටයේ තරග පැවැත්වෙන අතර 19 වැනිදා සිට 22 වැනිදා දක්වා පස්වරු 2.00 සිට තරග පැවැත්වේ. 22 වැනිදා පස්වරු 3.00 සිට අවසන් මහ තරග පැවැත්වීමට නියමිතය.
පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම බර පංති 10 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි තරග විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විතය. අතර කාන්තා තරග විනාඩි 2 බැගින් වන වට 4 කින් සමන්විත වේ.
තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් වයස අවුරුදු 18 ත් 40 ත් අතර එනම් 1976 ජනවාරි මස 1 වැනිදාත්, 1998 දෙසැම්බර් 31 වැනිදාත් අතර උපත ලද අය විය යුතුය. ක්‍රීඩිකාවන් අවුරුදු 19 ත් 40 ත් අතර එනම් 1976 ජනවාරි මස 1 වැනිදාත්, 1997 දෙසැම්බර් 31 වැනිදාත් අතර උපත ලද අය විය යුතුය.
මින් පෙර පැවැති ආධුනික, අතරමැදි, ජාතික, ජාතික කනිෂ්ඨ සහ ස්ටබ්ස් පළිහ වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලදී ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගි විය හැකිය.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට විශේෂ කුසලාන සහ සහතිකපත් හිමිවේ.
මෙම තරගාවලියේ සියලු තරග ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය හඳුන්වාදුන් නව නීති රීති වලට අනුව පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.