ඉන්දියානු කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණූකරු ධූරයට පුද්ගලයකු තෝරාගැනීමට පත්කරන ලද තාවකාලික අධීක්‍ෂණ කමිටුව සඳහා ඉන්දියානු පිලේ හිටපු නායක කපිල් දේව් මහතා, හිටපු ආරම්භක පිතිකරු අංශුමාන් ගයක්වඞ් මහතා සහ හිටපු ටෙස්ට් නායිකා ශාන්තා රංගස්වාමී මහත්මිය කැමැත්ත පළකර ඇත.
ක්‍රිකට් උපදේශක කමිටුවේ සාමාජිකයින් ඉන්දියානු කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණූකරු ධූරයට පුද්ගලයකු තෝරාගැනීම සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්‍ෂණයට සහභාගී නොවීමට තීරණය කිරීම හේතුවෙන් තාවකාලික අධීක්‍ෂණ කමිටුවක් පත්කිරීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත තාවකාලික අධීක්‍ෂණ කමිටුව විසින් මෙම මස 20 වැනිදා මුම්බායිහී ඉන්දියානු ක්‍රිකට් ආයතනය මූලස්ථානයේදී අයදුම්කරුවන් සම්මුඛ පරීක්‍ෂණයට කැඳවනු ඇත. අනිද්දා (14) අයදුම්පත් බාරගන්නා අවසන් දිනයයි.
අයි.සී.සී. විස්සයි20 කාන්තා ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේදී එංගලන්තය සමගින් පැවැති අවසන් පූර්ව තරගයේ අවසන් 11 දෙනා තේරීමේදී තමන් නොසලකා හැරීම සම්බන්ධයෙන් ජේෂ්ඨ ක්‍රීඩිකා මිතාලි රාජ්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්වූ රමේෂ් පවාර් මහතාත් යළිත් වරක් ප්‍රධාන පුහුණූකරු ධූරයට ඉල්ලුම්පතක් යොමුකර ඇත.
නමුත් ඉන්දියානු විස්සයි20 කාන්තා කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කෞර් සහ උපනායිකා ස්මි්‍රතී මන්ධානා එක්ව රමේෂ් පවර් මහතා ආරක්‍ෂා කරගනිමින් ඉන්දියානු ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යවමින් පවසා තිබූණේ “ඔහුත් සමග වැඩකළ අවසන් මාස 3 දී කණ්ඩායමේ දක්ෂතා වර්ධනය වූ බව දැකිය හැකි බවකි”
කෙසේ වෙතත් හිටපු පුහුණුකරු රමේෂ් පවාර් මහතාට අමතරව හර්ෂල් ගිබ්ස්, උවයිස් ෂා සහ මනෝජ් ප්‍රභාකර් යන මහත්වරුන්ද හිස්වූ පුහුණුකරු ධුරය සඳහා මේවන විටත් ඉල්ලුම්කර ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.