
ඕමානයේ මස්කට් නුරවදී පැවැත්වෙන ලෝක ශුරතා කනිෂ්ඨ ශ්‍රේණිගත මේසපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සෙනසුරාදා (9 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය.
ක්‍රීඩකයන් 5 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු කණ්ඩායමට සෙනුල් රත්නායක සහ මතීෂ වික්‍රමනායක (මහනුවර ධර්මරාජ විද්‍යාලය), ජනිත් බටුගෙදර සහ විනුක ගුණවර්ධන (කොළඹ රාජකීය විද්‍යාලය), දෙව්මෙත් වීරසේන (කොළඹ ලයිසියම් ජාත්‍යන්තර පාසල) යන ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස හසිත සමරවීර මහතා කටයුතු කරයි.

-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.