Last Update  :  2026-02-05 18:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පික් කමිටු නිලවරණයට දින 3ක්

ඔලිම්පික් කමිටු නිලවරණයට දින 3ක්

editorial - 2026 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය (2025 - 29) සඳහා එහි විධායක සභාව විසින් දින තුනක් යෝජනා කර තිබේ. අප්‍රේල් 22, 24, 30 යන ශ්‍රී ලංකාව තෝරා ගත් එම දින තුනෙන් එක් දිනක් ඒ සඳහා නිර්දේශ කරන ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යොමු කළ ලිපියක දැක්වේ.

 ‘ලංකාදීප’ය යොමු කළ විමසුමකදී ඔහු ඊයේ (4) පැවැසුවේ, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සිය ලිපියට ඊයේ වන තෙක් ප්‍රතිචාර දක්වා නොතිබුණු බවයි.

 ‘‘ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කීහිපයේදී ශ්‍රී ලංකාවට ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඔවුන් නිර්දේශ කරන දිනයකදී ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පවත්වා අවසන් කරන්න විධායක සභාව උනන්දු වෙලා ඉන්නවා”‍ යයි ද සුබ්‍රමනියම් මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවැසීය.

 ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් සභාව විසින් ශ්‍රී ලංකාවේ නිලවරණය නිරීක්ෂණය කිරීම සඳහා සිය නියෝජිතයන් මෙරටට යොමු කරන බැවින්, එය පැවැත්වෙන දිනය ඔවුන් ලවා තහවුරු කර ගැනීම කළ යුතුව ඇතැයිද එහිදී ඔහු පැවැසීය.

 කෙසේ වූවත් මෙම වසර ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල ගණනාවක්ම පැවැත්වෙන වසරක් වන බැවින්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වඩාත් කාර්යබහූල සමයක් ගෙවමින් සිටින බව සුබ්‍රමනියම් මහතා පවසයි.

 ජාතික ඔලිම්පික් කමිටුවේ තවදුරටත් කටයුතු කරමින් සිටින වත්මන් විධායක සභාවේ නිල කාලය (2021 -25) පසුගිය දෙසැම්බර් 27 වැනිදා අවසන් විය.

 එහි මීළඟ නිලවරණය හා මහ සභාව කැඳවීම සඳහා උපදෙස් පතමින් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යොමු කළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් දැනුම්දී තිබුණේ, ලබන අප්‍රේල් 30 වැනිදාට පෙර ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය (2025 - 29) හා 2025 වසරට නියමිත කමිටුවේ මහ සභා රැස්වීම පවත්වා අවසන් කරන ලෙසයි.

 කෙසේවූවත් පෙබරවාරි 17 වැනිදා පැවැත්වීමට නියමිත කමිටුවේ මීළඟ විධායක සභා රැස්වීමේදී මීළඟ නිලවරණය කැඳවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකාච්ඡා කෙරෙනු ඇතැයිද වාර්තාවේ.

 ඒ සඳහා මෙවර පාර්ශ්ව දෙකකින් නාමයෝජනා ඉදිරිපත් කරනු ඇතැයි වාර්තාවේ. පසුගිය වසරකට වැඩි කාලයක් තිස්සේ ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ පැන නැගුණු (පරිපාලන) අර්බුදය හමුවේ එහි විධායක සභාවේ බෙදීමක් හට ගත් අතර, එය උත්සන්න වෙමින් තිබෙන අතර, එතෙක් එහි මහ ලේකම් ධූරය දැරූ සුරේෂ් සුබ්‍රමනියම් මහතාට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් තහනමක් පැනවීය.

 එය අනුමත කරමින් කමිටුවේ විධායක සභාව හා ආචාර ධර්ම කමිටුව සිල්වා මහතාට වසර පහක තහනමක් පනවමින් ධූරයෙන් පහ කර දැමීය.


අදහස් (0)

ඔලිම්පික් කමිටු නිලවරණයට දින 3ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.