(නාමල් පතිරගේ)
හොං කොංහිදී අගෝස්තු 7 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන 14 වැනි ආසියානු දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලිය ළගා වෙමින් තිබියදී මෙතෙක් පවත්වා ගෙන ආ 30 දෙනෙකුගෙන් සමන්විත ජාතික දැල්පන්දු සංචිතය 18 දෙනෙකු දක්වා අවම කිරීමට ජාතික දැල්පන්දු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ඊට ගිය වර තරගාවලියේදී (2024) අනුශූරතාව හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා දුලංගි වන්නිතිලක ඇතුළුව එහි ක්‍රීඩා කළ ජේය්‍යෂ්ඨ ක්‍රීඩිකාවන් කීප දෙනෙකුද ඇතුළුව නවක පාසල් ක්‍රීඩිකාවන් පිරිසක්ද ඇතුළත්ව සිටියි. ජාතික දැල්පන්දු නව පුහුණුකාරිණී සොමිතා අල්විස් මහත්මිය නව ජාතික දැල්පන්දු සංචිතයේ පුහුණුවීම් මෙහෙයවයි.
ඒ සදහා ජැමෙයිකාවෙන් විශේෂ පුහුණුකාරිණියක් ගෙන්වා ගැනීමට ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය කර තිබෙන ඉල්ලීමට ලැබී තිබෙන ප්‍රතිචාරයවී ඇත්තේ ඒ වෙනුවට වියදම් අවම කර ගත හැකි වෙනත් විදේශීය පුහුණුකරුවෙකු පිළිබදව අවධානය යොමු කරන ලෙසයි.
ජූනි මාසයේදී පැවැත්වීමට නියමිත අවසන් තේරිම් පරීක්ෂණයෙන් තරග සංචාරයට සහභාගි වන ක්‍රීඩිකාවන්12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කර ගැනේ.
ජාතික නව දැල්පන්දු සංචිතය : -
තිසාලා අල්ගම, භාෂි උඩගෙදර, රශ්මි පෙරේරා, ගයනි දිසානායක, දුලංගි වන්නිතිලක, ගයන්ජලී අමරවංශ, තිළිණි වත්තෙගෙදර, චලනී නිෂා, රුක්ෂලා හපුආරච්චි, තුමල්කා ඒකනායක, ඉමාෂා පෙරේරා, චමුදි වික්‍රමරත්න, ඉෂාරා ධර්මසිරි,අංජලිකා තිලකරත්න, සමෘද්ධි ද සිල්වා, පූර්ණිමා වෛද්‍යරත්න, තිමී වසන්තප්‍රිය සහ මිහිඳුම් කීර්තිසිරි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.