ජූනි මස 1 වැනිදා සහ 2 වැනිදා පැවැත්වීමට යොදා තිබූ ‘රාම් රත්නවෙල් අනුස්මරණ කුසලාන’ වෙළෙඳ සේවා පැසිපන්දු තරගාවලියේ අවසන් මහ තරග ජූනි මස 6 වැනිදායින් පසුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව තරගාවලියේ සංවිධායකයෝ පවසති.
ශ්‍රී ලංකා වයස 23 න් පහළ කණ්ඩායම 3×3 පැසිපන්දු තරගාවලියකට සහභාගි වීම සඳහා මොන්ගෝලියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබීම නිසා ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තරගාවලියේ අවසන් මහ තරග දෙවැනි වරටත් කල් දැමීමට සිදුව තිබේ.
මේ මස 16, 17 සහ 23 යන දිනවල තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ එම අවසන් මහ තරග වැසිබර කාලගුණය හේතුවෙන් ජූනි මස 1 වැනිදා සහ 2 වැනිදා දක්වා පළමු වරට කල් දැමිණ.
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය 12 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේදී අවසන් මහ තරග 7 ක් පැවැත්වීමට නියමිතව තිබුණද, වර්ෂාව හේතුවෙන් මේ දක්වා පැවැත්වීමට හැකි වී ඇත්තේ එක් අවසන් මහ තරගයක් පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.