Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අබලන් රෝද දෙකින් ප‍්‍රභාෂ් ජය කණුව පසුකරයි

අබලන් රෝද දෙකින් ප‍්‍රභාෂ් ජය කණුව පසුකරයි

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෝද දෙකම අබලන් තත්ත්වයට පත්ව තිබියදීත් අධිෂ්ඨානයෙන් තරග කළ ප‍්‍රභාෂ් මධුසංඛ අනුරාධපුරයේදී පැවැති ජාතික පාපැදි ශූරතා තරගමාලාවේ කිලෝමීටර 43.5 ක් දුරැති පිරිමි (කනිෂ්ඨ) තරගයේ රන් පදක්කම දිනාගැනීමට සමත්විය.

ගම්පහ දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් මෙම කී‍්‍රඩකයා මෙවර ජාතික පාපැදි ශූරතාවලියට සහභාගි විය. පාපැදියේ රෝද දෙකම අබලන් තත්්ත්වයට පත්ව තිබියදීත් එය සකසා ගෙන ඉදිරියෙන් ගමන් කරමින් සෙසු තරගකරුවන් හඹා ගොස් තරගය ජයගැනීමට ප‍්‍රභාෂ් මධුසංඛ සමත් විය.

රෝද දෙක අලූත්වැඩියා කිරීමට යාම නිසා ඔහුගේ ධාවනය විනාඩි කීපයකට ප‍්‍රමාද වුවත් තරග සංවිධායකයන් සකස් කර තිබූ විශේෂ උපකාරක සේවය නිසා ඔහුට යළිත් තරගයට අවතීර්ණ වීමේ හැකියාව ලැබුණි.

තරග ප‍්‍රතිඵල

පිරිමි (කනිෂ්ඨ) මාර්ග ධාවන තරගය - (කිලෝමීටර 43.5)
1. ප‍්‍රභාෂ් මධුසංඛ, (ගම්පහ - පැය 1 විනාඩි 08.49)
2. සසංක සුරාජ් (පැය 1.10.31)
3. ගිහාන් ධනුෂ්ක (ගම්පහ - පැය 1.10.31)

කාන්තා (කනිෂ්ඨ) මාර්ග ධාවන තරගය - (කිලෝමීටර 14.5)
1. සුරනී පංචාලි (ගම්පහ - වි: 29.40)
2. උදේෂිනි නිරංජනා කුමාරසිංහ (අනුරාධපුර - වි 29.44*)
3. පියුමි ඉෂාරා සඳමාලි (අනුරාධපුර - වි: -30.09)

ආබාධිත (පිරිමි) මාර්ග ධාවන තරගය - (කිලෝමීටර් 14.5)
1. එම්.ජී.එස්. පුෂ්පකුමාර
2. නාමල් වසන්ත
3. ජේ.යූ.කේ. ජයලත්
4. පී.කේ.එම්. උදයශාන්ත
5. පි‍්‍රයන්ත ඉන්දික
6. සුපුන් චාමර
7. එස්.එම්. කොඩිකාර
8. බී.ජී.එස්.කේ. වීරසිංහ
9. දිමුතු ඉන්දික
10. ඉන්දික රුවන් කුමාර

කාන්තා - (කනිෂ්ඨ) කාලය මැනීමේ තරගය (කිලෝමීටර 10)
1. සුරනි පංචලි (ගම්පහ - වි: 22.26)
2. උදේෂිනි නිරංජලා කුමාරසිංහ (අනුරාධපුර - වි : -22.27)
3. පියුමි ඉෂාරා සඳමාලි

පිරිමි - (කනිෂ්ඨ) කාලය මැනීමේ තරගය (කිලෝමීටර 20)
1. සචින් දුලංජන (ගාල්ල - වි: 31.20)
2. ගිහාන් ධනුෂ්ක (ගම්පහ - වි : 32.07)
3. ෂොහාන් රොෂ්ලි (ගම්පහ - වි 32.12)

කාන්තා (සුපිරි) කාලය මැනීමේ තරගය  (කිලෝමීටර් 20)
1 ශි‍්‍රයාලතා වික‍්‍රමසිංහ (අනුරාධපුරය - වි: 35.08)
2 ඉඳුනිකා පි‍්‍රයදර්ශනි (කුරුණෑගල - වි: 35.37)
3. ලසන්ති කි‍්‍රෂ්ණා ගුණතිලක (ගම්පහ - වි: -35.51)

පිරිමි (සුපිරි) කාලය මැනීමේ තරගය - (කිලෝමීටර 40)
1. බුද්ධික වරණකුලසූරිය (කුරුණෑගල - වි: 59.41)
2. ඬේන් නුගේරා (ගම්පහ - වි: 59.33)
3. සුධීර නිලංග (පැය 1. තත්. 34)

23 න් පහළ (පිරිමි) කාලය මැනීමේ තරගය - (කිලෝමීටර 40)
1. කුෂාන්ත රාජපක්‍ෂගේ (කළුතර - පැය 1 විනාඩි 02.18)
2. මහේෂ් පුෂ්පකුමාර (අනුරාධපුර - පැ 1, වි : 02.51)
3. සමන් කුමාර (කොළඹ - පැ 1, වි: 03.59)


අදහස් (0)

අබලන් රෝද දෙකින් ප‍්‍රභාෂ් ජය කණුව පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.