ජාතික ටෙනිස් ශූරතාවලියේ කණිෂ්ඨ අංශයේ වයස 16 පහළ බාලක ශූරතාව දිනාගැනීමට අනීෂ් වීරසිංහ සමත්විය. අවසන් මහ තරගයේදී අනීෂ් වීරසිංහ විසින් තරග වට 2-1 ක් ලෙසින් චෙවාන් ප්‍රනාන්දු පරාජය කරන ලදි.
ඬේවිස් කුසලාන තරගාවලියේ කණිෂ්ඨ අංශයේ තරගවලටද සහභාගීවූ කී‍්‍රඩකයකු වන චෙවාන් ප්‍රනාන්දු, පළමු තරග වටය ලකුණු 3/6 ක් ලෙස ජයගනිමින් තරගයේ වැඩි වාසි දිනාගැනීමට සමත්වුවද, ලකුණු 6/2 ක් සහ 6/4 ක් ලෙස ඉතිරි තරග වට දෙකම ජයගත් අනීෂ් වීරසිංහ 16 පහළ වයස් කාණ්ඩයේ ශූරයා බවට පත්විය.
මෙම වයස් කාණ්ඩයේ පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2 - 0 ක් ලෙස ජොෂුවා ජයරත්න පරාජය කරමින් චෙවාන් ප්‍රනාන්දු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත අතර අනීෂ් වීරසිංහ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2 - 0 ක් ලෙස බී. සුරේන් පරාජයට පත්කරමිනි.
වයස 16 පහළ බාලක අවසන් තරගයේ ප්‍රතිඵල
වයස 16 පහළ බාලක අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.