Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අධි ප්‍රෝටීන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පමණයි

අධි ප්‍රෝටීන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පමණයි

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ක‍්‍රීඩා සංචිත වල සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ජවය හා ශක්තිය වර්ධනය කරන අධිප්‍රෝටීන වර්ග කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගෙන් පිටස්තර පුද්ගලයන්ට යෑම වැළැක්වීමට කී‍්‍රඩා වෛද්‍ය ආයතනය පියවර ගෙන ඇත.

මෙම අධිප්‍රෝටීන වර්ග ක‍්‍රීඩා වෛද්‍ය ආයතනය විසින් නොමිලේ නිකුත් කරනු ලැබුවද ඉතාමත් මිල අධික මෙම ශක්ති ජනක අධි ප්‍රෝටීන ඇතැම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විසින් වෙනත් බාහිර පුද්ගලයින්ට අලෙවි කරනු ලබන බවට තොරතුරු වාර්තා වී තිබේ. එබැවින් මින් ඉදිරියට ජාතික සංචිතවල සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අධි ප්‍රෝටීන ශක්ති ජනක ආහාර පාන නිකුත් කරනු ලබන්නේ ඒවායේ පැරණි හිස් ආවරණය වෛද්‍ය ආයතනයට බාර දීමෙන් පසුව පමණක් බව ක‍්‍රීඩා වෛද්‍ය ආයතනය පවසයි.

ජාතික ක‍්‍රීඩා සංචිතවල සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිවන්ගේ පෝෂණ මට්ටම පිළිබඳ කරන ලද සමීක්ෂණයකට අනුව පෝෂණ ඌණතාවලින් පෙළෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකවන්ට අධිප්‍රෝටීන ලබා දීමට ක‍්‍රීඩා වෛද්‍ය ආයතනය පියවර ගෙන ඇත. එකක් රුපියල් 5000 කට අධික මිලකින් යුත් මෙම අධි ප්‍රෝටීන බහාලූම් නොමිළයේ ලබා ගන්නා ඇතැම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඒවා වෙනත් බාහිර පාර්ශවයන්ට විකුණන බවට පැමිණිලි ලැබී තිබේ.

ජාතික සංචිතවල සිටින 650 කට ආසන්න ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අධි ප්‍රෝටීන් බෙදාහැරීහම සඳහා රු. ලක්ෂ 40 කට වැඩි මුදලක් වැය කරන බව ක‍්‍රීඩා වෛද්‍ය ආයතනය පවසයි.

 


අදහස් (0)

අධි ප්‍රෝටීන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පමණයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.