Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අධිවේගී මාර්ගයේ පාපැදි තරගය පොලිසියෙන් නවතයි

අධිවේගී මාර්ගයේ පාපැදි තරගය පොලිසියෙන් නවතයි

ශනුක අරවින්ද - 2013 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉදිවෙමින් පවතින කටුනායක අධිවේගී මාර්ගයේ පැවැත්වෙමින් තිබූ පාපැදි තරගයක් නතර කිරීමට කඳාන පොලිසිය පියවර ගත් බව වාර්තා වේ.

ගම්පහ දිස්ත‍්‍රික් පාපැදි සංගමය විසින් සංවිධානය කරන ලද මෙම පාපැදි තරගය පසුගිය ඉරිදා (11) පෙරවරුවේදී කඳාන නගරයෙන් ආරම්භ කර කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබියදී කඳාන පොලිසිය විසින් නතර කරන ලද්දේ අධිවේගි මාර්ගයට අනවසරයෙන් පිවිසීමේ චෝදනාව මත බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් එම අවස්ථාවේදී ගම්පහ දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ ඉහළ මට්ටමේ නිලධාරියෙකු ඇතුළු තරග සංවිධායකයන් කීපදෙනකු පොලිසියට කැඳවා ප‍්‍රශ්න කර මුදාහැර ඇතැයි ද කියැවේ.

තරගකරුවන් රැසක් ද මෙම පාපැදි තරගයට සහභාගි වී සිටි බවද දැනගන්නට ඇත.

පාපැදි අතුරු කමිටුවේ ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලීලාරත්න මහතාගෙන් ”ලංකාදීප”ය කළ විමසුමකදී පැවසුවේ, මෙවැනි සිද්ධියක් ගැන තමන්ට දැනගන්නට ලැබී තිබෙන බවයි. කෙසේ වෙතත් මෙම පාපැදි තරගය සම්බන්ධයෙන් පාපැදි අතුරු කමිටුව දැනුවත්කර නොතිබූ බව ද ඔහු පැවසීය.

පොලිසියෙන් ප‍්‍රශ්න කර මුදාහළ ගම්පහ දිස්ත‍්‍රික් සංගමයේ ඉහළ පෙළේ නිලධාරියා පාපැදි අතුරු කමිටුවේ තාක්ෂණ උප කමිටුවේ ද කටයුතු කරන්නෙකු වන අතර, ඔහු කලින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ද තනතුරු දැරූ අයෙකි.


 


අදහස් (0)

අධිවේගී මාර්ගයේ පාපැදි තරගය පොලිසියෙන් නවතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.