Last Update  :  2025-01-12 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික බොක්සිං ශූරතාවලිය ගාලු මුවදොර පිටියේදී

ජාතික බොක්සිං ශූරතාවලිය ගාලු මුවදොර පිටියේදී

editorial - 2025 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 97 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය මෙම මස 23 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ. එහිදී 23 වැනිදා සිට 25 වැනිදා දක්වා තරගාවලියේ මූලික තරග පැවැත්වෙන වන අතර 26 වැනිදා අවසන් මහ තරග පැවැත්වීමට නියමිතය. 

වයස අවුරුදු 19 ත් 40 ත් අතර පසුවන ආධුනික, අතරමැදි, ස්ටැබ්ස් පළිහ සහ ජාතික කණිෂ්ට යන බොක්සිං තරගාවලිවලදී ජයග්‍රහණ ලැබූ තරගකරුවෝ පමණක් මෙම තරගාවලියට සහභාගි වෙති. මෙම වසරේදී ක්‍රීඩා සමාජ 20 ක් පමණ නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වී සිටින තරගකරුවන් සංඛ්‍යාව 125 ක් පමණ වේ. 

මෙවර තරගාවලියේදී පිරිමි අංශයෙන් බර පංති 13 ක් යටතේද, කාන්තා අංශයෙන් බර පංති 12 ක් යටතේද තරග පැවැත්වේ. තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම පරාජිතයා, දක්ෂතම ක්‍රීඩිකාව සහ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව සඳහාද කුසාලන පිරිනැමීමට සංවිධාකයෝ සූදානමින් සිටිති. 

තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගන්නා කණ්ඩායමට සාජන් සෙල්ලදොරයි අනුස්මරණ කුසලානද, කාන්තා ශූරතාව දිනාගන්නා කණ්ඩායමට නීවා ඇඹුල්දෙණිය අභියෝග කුසලානද පිරිනැමෙනු ඇත. ඊට අමතරව ඉකුත් වසරේ (2024) වඩාත් සාර්ථක ක්‍රීඩා සමාජයට මුත්තයියා ෂේවියර් අනුස්මරණ කුසලාන පිරිනමනු ලැබේ. 

ඉකුත් වසරේදී පැවැති ජාතික බොක්සිං ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වීමට යුද හමුදා ක්‍රීඩක චමිල් පත්මසිරි සමත් වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකා ඉෂාරා තුෂාරි සම්මාන දිනාගත්තාය. 


අදහස් (0)

ජාතික බොක්සිං ශූරතාවලිය ගාලු මුවදොර පිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.