Last Update  :  2025-06-30 21:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner එළියකන්ද තරණය 25 වැනිදා

එළියකන්ද තරණය 25 වැනිදා

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය සංවිධානය කරන එළියකන්ද තරණය මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 25 වැනිදා පෙරවරු 8.00 සිට මාතර බ්‍රවුන්ස් කන්ද කේණ්ද්‍ර කොටගෙන පැවැත්වේ. මෙම තරගාවලිය ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනය විසින් ජාතික ශූරතාවලිය සඳහා නම් කරන ලද තරගාවලියක්ද වේ.

තාර ඇතිරූ මාර්ගයක පැවැත්වෙන මෙම තරගාවලිය මෝටර් රථ ඉසව් 9 කින් සහ යතුරුපැදි ඉසව් 4 කින් සමන්විත වන අතර මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් 100 ක් පමණ එම ඉසව් සඳහා සහභාගී වීමට නියමිතය.

සෑම ඉසව්වකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා කුසලාන සහ සහතික පත් පිරිනැමෙන අතර එහිදි අඩුම වේලාවකින් තරගය නිමා කරන මෝටර් රථ ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙසත්, අඩුම වේලාවකින් තරගය නිමා කරන යතුරුපැදි ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙසත් සම්මාන ලැබීමට නියමිතය.

මේ වන විට තරගාවලිය සඳහා අයැදුම්පත් කැඳවා ඇති අතර අංක ‘55, කුමාරතුංග මාවත, මාතර’ හෝ ‘මාබල් ඩෙකර්, 175, නාවල පාර, නුගේගොඩ’ යන ලිපිනයට අයැදුම්පත් යොමු කිරීමෙන් මෙන්ම http://smsc.lk/downloads.html විද්‍යුත් තැපෑල ඔස්සේ ලියාපදිංචි වීමෙන්ද තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව උදාකරගත හැකිය.


ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

එළියකන්ද තරණය 25 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.