Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
‘යූරෝ ෆෝමියුලා’ ශූරතාව සඳහා යුරෝපී රටවල්වලදී පැවැත්වෙන ෆෝමියුලා-1 තරගාවලි මාලාවේ 6 වැනි අදියර ලෙස ඔස්ටි්‍රයාවේ ස්පීල්බර්ග් නුවර රෙඩ්බුල් ධාවන පථයේදී පැවැති ෆෝමියුලා මෝටර් රථ තරගාවලියේ දෙවැනි තරගය ජය ගැනීමට සමත් වුවද, තරගාවලියේ සමස්ත ප්‍රතිඵලය අනුව ලකුණු සටහනේ තවත් පියවරක් පසුබැසීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ්ට සිදුවිය.
මෙම තරගාවලිය ආරම්භ වන විට මුලු ලකුණු 213 ක් ලබා ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ ඩේවිඩ්ට, මෙම තරගාවලියේ තරග තුනේදී පිළිවෙළින් හයවැනි ස්ථානයක්, පළමු ස්ථානයක් සහ 11 වැනි ස්ථානයක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 33 ක් පමණි. ඒ අනුව ඔහුගේ මුලු ලකුණු සංඛ්‍යාව 246 ක් දක්වා ඉහළ ගියේය.
ලකුණු 230 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි පෝලන්තයේ ටයිමෙක් කුචර්සික් මෙම තරගාවලියේදී තෙවැනි ස්ථාන 3 ක් සමගින් ලකුණු 45 ක් ලබාගැනීමට සමත් වූයේ සිය මුලු ලකුණු සංඛ්‍යාව 275 දක්වා ඉහළ දමාගනිමිනි. මෙම තරගාවලියේ කාල ගණනයට අනුව ඉදිරිපෙළ ආරම්භක ස්ථානය සහ තෙවැනි තරගයේ වේගවත්ම තරග වටයට හිමිකම් කීම හේතුවෙන් ඔහුගේ ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 2 ක් එක් විය.
මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර ඩේවිඩ්ට වඩා ලකුණක් පසුපසින් සිටි (ලකුණු 212) ජපානයේ මයිකල් ෂින්, මෙම තරගාවලියේදී පළමු ස්ථානයක්, දෙවැනි ස්ථානයක් සහ පස්වැනි ස්ථානයක් හිමිකරගනිමින් ලකුණු 53 කට හිමිකම් කීවේය. පළමු සහ තෙවැනි තරගවලදී වේගවත්ම තරග වටයට හිමි ලකුණු 2 ත් සමග මුලු ලකුණු 267 ක් හිමිකරගත් ඔහු ලකුණු සටහනේ පියවරයක් ඉදිරියට පැමිණියේය.
මෙම තරග මාලාවේදී එක් තරගයක පළමු ස්ථානය සඳහා ලකුණු 25 ක්ද, දෙවැනි ස්ථානය සඳහා ලකුණු 18 ක්ද, තෙවැනි ස්ථානය සඳහා ලකුණු 15 ක්ද, සිවුවැනි ස්ථානය සඳහා ලකුණු 12 ක්ද, පස්වැනි ස්ථානය සඳහා ලකුණු 10 ක්ද, හයවැනි ස්ථානය සඳහා ලකුණු 8 ක්ද, හත්වැනි ස්ථානය සඳහා ලකුණු 6 ක්ද, අටවැනි ස්ථානය සඳහා ලකුණු 4 ක්ද, නමවැනි ස්ථානය සඳහා ලකුණු 2 ක්ද, 10 වැනි ස්ථානය සඳහා ලකුණු 1 ක්ද, ඉදිරිපෙළ තරග ආරම්භක ස්ථානය සහ වේගවත්ම වටය සඳහා එක් ලකුණ බැගින්ද ලබා දෙනු ඇත.
මෙය යෙවාන්ගේ පළමු ‘යූරෝ ෆෝමියුලා’ තරගාවලි මාලාව වන අතර මෙහි මුල් අදියර 4 දීම දක්ෂතම නැඟී එන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමටද ඔහු සමත් විය. 5 වැනි අදියරේදී සහ මෙම අදියරේදී ඔහුට දක්ෂතම නැඟී එන ක්‍රීඩකයාට හිමි සම්මානය අහිමි වී ගිය නමුත් සමස්ත තරග මාලාවේ එම සම්මානය සඳහා වන ලකුණු සටහනේ ලකුණු 157 ක් ලබා තරවදුරටත් පෙරමුණ රැකගැනීමට ඔහුට හැකි විය.
‘යූරෝ ෆෝමියුලා’ තරගාවලි මාලාවේ තවත් අදියර 2 ක් මෙම වසර තුළදී පැවැත්වීමට නියමිතව තිබේ. එම අදියර 2 සැප්තැම්බර් මස 25 වැනිදා සිට 27 වැනිදා දක්වා ස්පාඤ්ඤයේදීද, ඔක්තෝබර් මස 16 වැනිදා සිට 18 වැනිදා දක්වා ඉතාලියේදීද පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.