Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘සොහොයුරන්ගේ හටන’ ජය පැරදුමෙන් තොරයි

‘සොහොයුරන්ගේ හටන’ ජය පැරදුමෙන් තොරයි

Nisanka Sandeepani - 2018 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති ‘55 වැනි සොහොයුරන්ගේ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (24 වැනිදා) අවසන්විය.
 
පළමු දිනය අවසන් වනවිට පන්දුවට පහරදෙමින් සිටි ඉසිපතන විද්‍යාලයට ඕවර 60 අවසානයේ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 201 ක් පමණි. ලකුණු 79 ක් රැස්කළ සංජුල අබේවික්‍රම ඉසිපතන පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් අයන සිරිවර්ධන (52) අර්ධ ශකකයක් ලබාගත්තේය.
 
ලකුණු 41 කට කඩුලු 4 ක් දවාගනිමින් ඉසිපතන විද්‍යාලයට දැඩි බලපෑමක් ඇති කිරීමට තර්ස්ටන් විද්‍යාලයේ සවන් ප්‍රභාෂ් සමත්වූ අතර නිපුන් ලක්ෂාන් ලකුණු 58 කට කඩුලු 2 ක් දවාගත්තේය.
 
ලකුණු 113 ක් ඉදිරියෙන් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ තර්ස්ටන් විදුහල් ක්‍රීඩකයෝ ඕවර 23 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 140 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය. පංසිළු දේශාන් නොදැවී 25 ක් රැස්කළ අතර ඛලීක් අමත් ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
 
ජයග්‍රහණය සදහා ලකුණු 254 ක ඉලක්කයක් හඹාගිය ඉසිපතන විද්‍යාලයට තරගයේ දෙවැනි දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම වෙනුවන් කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 153 ක් පමණි.
 
සංජුල අබේවික්‍රම අර්ධ ශතකයට ලකුණු 2 ක් මෙපිටින් දැවී ගිය අතර අයේෂ් හර්ෂණ කඩුලු 4 ක් සහ ජනුෂ්ක ප්‍රනාන්දු කඩුලු 3 ක් දවාගනිමින් තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
තර්ස්ටන් විද්‍යාලයේ ජයවිහාන් මහවිතාන තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් අතර සවන් ප්‍රභාෂ් දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේය. ඉසිපතන විද්‍යාලයේ සංජුල අබේවික්‍රම දක්ෂතම පිතිකරුට හිමි සම්මානයත්, ඛලීක් අමත් දක්ෂතම පන්දුයවන්නාට හිමි සම්මානයත්, ඒශාන් ප්‍රනාන්දු දක්ෂතම පන්දු රකින්නාට හිමි සම්මානයක් දිනා ගත්හ.
 
තර්ස්ටන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 314
(ජයවිහාන් මහවිතාන නොදැවී 125, නිමේෂ් පෙරේරා 52, සවන් ප්‍රභාෂ් 50, නිපුන් ලක්ෂාන් 38, ඛලීක් අමත් 56/2)
 
ඉසිපතන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 201
(සංජුල අබේවික්‍රම 79, අයන සිරිවර්ධන 52, සවන් ප්‍රභාෂ් 41/4, නිපුන් ලක්ෂාන් 58/2)
 
තර්ස්ටන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 23 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 140
(පංසිළු දේශාන් නොදැවී 25, ඛලීක් අමත් 30/3)
 
ඉසිපතන විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 52 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 153
(සංජුල අබේවික්‍රම 48, තෙවිඳු දික්වැල්ල 27, සංජුල බණ්ඩාර 25, අයේෂ් හර්ෂණ 52/4, ජනුෂ්ක ප්‍රනාන්දු 42/3)

අදහස් (0)

‘සොහොයුරන්ගේ හටන’ ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.