Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘සල්පිටි රයිගම් කෝරළ හටන’ විසඳුමකින් තොරයි

‘සල්පිටි රයිගම් කෝරළ හටන’ විසඳුමකින් තොරයි

Nisanka Sandeepani - 2018 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 17 වැනි ‘සල්පිටි රයිගම් කෝරළ’ හටන ජය පරාජයෙන් තොරව ඊයේ (24 වැනිදා) අවසන්විය. මේ අනුව ‘සල්පිටි රයිගම් කෝරළ’ කුසලාන තවදුරටත් තමන් සන්තකයේ තබාගැනීමට පිළියන්දල මැදි විදුහලට අවස්ථාව හිමිවිය.
 
පළමු දිනය අවසන් වනවිට කිසිවකු නොදැවී ලකුණු 19 ක් ලබා සිටි හොරණ තක්ෂිලා මැදි විදුහල් පළමු ඉනිම ලකුණු 115 කට සීමා කිරීමට පිළියන්දල මැදි විදුහල් පන්දු යවන්නෝ සමත්වූහ. සඳුන් රංග ලකුණු 31 ක් රැස්කරමින් තක්ෂිලා මැදි විදුහල වෙනුවෙන් පළමු ඉනිමේදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
 
මල්ෂාන් ගුණතිලක, සසංක කුලරත්න, උෂාන් දීමන්ත සහ හේෂාන් මධුෂංක කඩුලු දෙක බැගින් දවාගනිමින් මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ අණසක පැතිරවීමට සමත්වූහ.
 
පිළියන්දල මැදි විදුහල පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 176 ක් පසුපසින් සිට පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි හොරණ තක්ෂිලා මැදි විදුහල් ක්‍රීඩකයින්ට දෙවැනි දිනය අවසන් වනවිට කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 147 ක් පමණි.
 
සසිඳු ජයනෙත් (57) අර්ධ ශතකයක් ලබාගනිමින් හොරණ තක්ෂිලා මැදි විදුහල් කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගලවා ගැනීමට සමත්විය. හේෂාන් මදුශංක ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගත්තේය.

පිළියන්දල මැදි විදුහලේ හේෂාන් මධුෂංක තරගයේ වීරයාට හිමි සම්මානය හිමිකර ගත් අතර චමෝද් සඳරු දක්ෂතම පිතිකරු සහ දක්ෂතම පන්දු රකිනා ලෙස සම්මාන ද්විත්වයකට හිමිකම් කීහ. හොරණ මැදි විදුහලේ තිළිණ තාරින්ද දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත්තේය.

 

පිළියන්දල ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 84.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 291
(චමෝද් සඳරු නොදැවී 100, හේෂාන් මදුශංක 73, ගයාෂාන් ගිම්හාන 34, සඳුන් තත්සර 22, තිළිණ තරින්ද 89/5, තිසර සචින්තන 78/3)
 
තක්ෂිලා ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44.4 කදී සියලුදෙනා දැවී ලකුණු 115
(සඳුන් රංග 31, මල්ෂාන් ගුණතිලක 08/2, සසංක කුලරත්න 13/2, උෂාන් දීමන්ත 17/2, හේෂාන් මධුෂංක 20/2)
 
තක්ෂිලා ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 52 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 147
(සසිඳු ජයනෙත් 57, තමිඳු රන්විරු 27, හේෂාන් මදුශංක 22/2)

අදහස් (0)

‘සල්පිටි රයිගම් කෝරළ හටන’ විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.