වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය 12 වැනි වරටත් සංවිධානය කරන ‘රාම් රත්නවෙල් අනුස්මරණ කුසලාන’ වෙළෙඳ සේවා පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ කාන්තා ශූරතාව දිනාගැනීමට මාස් හෝල්ඩින්ස් කණ්ඩායම සමත් විය.
තිඹිරිගස්යාය, හෙන්රි ප්‍රේද්‍රිස් පැසිපන්දු ක්‍රීඩාගංණයේදී පැවැති අවසන් මහ තරගයේදී ඬේවිඞ් පීරිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 33-26 ක ජයක් වාර්තා කරමින් මාස් හෝල්ඩින්ස් ක්‍රීඩිකාවෝ එම ශූරතාවට හිමිකම් කීහ.
තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 21-18 ක් ලෙස ඬේවිඞ් පීරිස් කණ්ඩායමට වඩා ලකුණු 10 ක් ඉදිරියෙන් සිටීමට මාස් හෝල්ඩින්ස් කණ්ඩායම සමත් වුවද, දෙවැනි අර්ධයේදී දක්ෂ ලෙස තරග වැදුණ ඬේවිඞ් පීරිස් ක්‍රීඩිකාවෝ තරගය නිමා වන විට එම ලකුණු පරතරය ලකුණු 7 ක් දක්වා අඩු කරගත්හ.
අවසන් තරගයේදී මාස් හෝල්ඩින්ස් කණ්ඩායම වෙනුවෙන් ඕෂදී කරුණාරත්න ලකුණු 14 ක් රැස්කළ අතර ඬේවිඞ් පීරිස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රිමේෂා ප්‍රනාන්දු ලකුණු 15 ක් රැස්කළාය. ‘බී’ කාණ්ඩයේ වටිනාම ක්‍රීඩිකාව ලෙස මාස් හෝල්ඩින්ස් කණ්ඩායමේ ඕෂදී කරුණාරත්න සම්මාන දිනාගත්තාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.