Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නියමිත ශාරීරික යෝග්‍යතාවට පැමිණ නොසිටීම හේතුවෙන් ඉකුත් මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගාවලියේදී නොසලකා හරින ලද ශිම්රන් හැට්මෙයර්, ශෙල්ඩන් කොට්‍රල් සහ රොස්ටන් චේස් ඕස්‍ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලිය සඳහා නම් කරන ලද කොදෙව් සංචිතයට කැඳවනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා තරගාවලියේදී කොදෙව් සංචිතයට ඇතුළත්ව සිටි කෙවින් සින්ක්ලෙයාර්ට සහ කයිල් මේයර්ස්ට ඕස්ට්‍රේලියානු තරගාවලිය සඳහා නම් කළ සංචිතයේ ස්ථාන අහිමි වී ඇත. එහෙත් ශ්‍රී ලංකා තරගාවලියේදී ජාත්‍යන්ත වරම් හිමිකරගත් 24 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩර්සන් පිලිප්ට තවදුරටත් සංචිතයේ රැදී සිටීමට අවස්ථාව හිමි තිබේ.
“මාර්තු මාසයෙදී ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ තරගාවලි ජයග්‍රහණයත් සමග දැඩි විශ්වාසයකින් යුතුව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියට පිවිසීමට කොදෙව් කණ්ඩායමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. හැට්මෙයර්, කොට්‍රල් සහ චේස්ගේ නැවත පැමිණීම තුළින් කණ්ඩායම තවත් ශක්තිමත් වී තිබෙනවා.” යැයි කොදෙව් තේරීම් කමිටු ප්‍රධානී රොජර් හාපර් මහතා පැවසීය.
“මෙම තරගාවලිය අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ ක්‍රියාවලියට අයත් නිසා සෑම තරගයක්ම අපිට ඉතාමත් වැදගත් වෙනවා. හුරු පුරුදු ක්‍රීඩාංගණවලදී තරග වදින නිසා අපේ ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේදී ඔවුන්ගේ උපරිම දස්කම් අතරට පැමිණීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද හාපර් මහතා කියා සිටියේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය අයි.සී.සී. ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් තරගාවලියක් වන අතර එය මේ මස 20 වැනිදා බාර්බඩෝස්හිදී ආරම්භ වීමට නියමිතය. එක්දින තරගාවලියට නිමාවීමෙන් අනතුරුව දෙරට අතර විස්සයි20 තරග 5 ක්ද පැවැත්වෙනු ඇත.
කොදෙව් සංචිතය
කිරන් පොලාඩ් (නායක), ශායි හෝප් (උප නායක), ෆේබියන් ඇලන්, ඩැරන් බ්‍රාවෝ, රොස්ටන් චේස්, ශෙල්ඩන් කොට්‍රල්, ශිම්රන් හැට්මෙයර්, ජේසන් හෝල්ඩර්, අකීල් හෝස්න්, අල්සාරි ජෝශප්, එවින් ලුවිස්, ජේසන් මොහොමඩ්, ඇන්ඩර්සන් පිලිප්, නිකලස් පූරන් සහ රොමාරියෝ ශෙපර්ඩ්
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.