කාල්ටන් කුසලාන පැසිපන්දු තරගවලියේ I කාණ්ඩයේ අවසන් වටයේ තරගයකින් හම්බන්තොට බ්ලැක්ස් කණ්ඩායම පරදවා ලකුණු 65 - 61 ක ජයක් ලබාගැනීමට හම්බන්තොට බ්ලූස් කණ්ඩායම සමත්විය.
ඒ අනුව හම්බන්තොට බ්ලැක්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවී ගිය අතර හම්බන්තොට බ්ලූස් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව උදාකරගත්තේය.
එහිදී ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව තරග වදින අතර ඉන් ජයගන්නා කණ්ඩායම අවසන් මහ තරගයේදී කොළඹ පැසිපන්දු සමාජ කණ්ඩායම හමුවීමට නියමිතය. කොළඹ පැසිපන්දු සමාජය මේ වන විටත් අවසන් තරගයේ තම ස්ථානය වෙන්කරවාගෙන හමාරය.
2011 වසරේ කාල්ටන් කුසලාන ශූරයන් වූ හම්බන්තොට බ්ලූස් කණ්ඩායම, බ්ලැක්ස් පිලට එරෙහි තරගයේ ආරම්භයේ සිටම තරගයේ පාලනය තමන් අතට ගත් අතර පළමු අර්ධය නිමා වන විට ලකුණු 32 - 26 ක් ලෙස පෙරමුණ ගැනීමටද සමත්විය.
හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩකයෝ තරගයේ අවසන් කාර්තුවේදී තරමක ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාසයක් පෙන්නුම් කළද, තරගය අවසන් වන විට ඔවුහු, හම්බන්තොට බ්ලූස් කණ්ඩායමට වඩා ලකුණු 4 ක් පසුපසින් සිටියහ.
හම්බන්තොට බ්ලූස් කණ්ඩායම වෙනුවෙන් මිතිල අබේසේකර ලකුණු 14 ක් රැස්කළ අතර හම්බන්තොට බ්ලැක්ස් කණ්ඩායම වෙනුවෙන් තිමෝති නිරෝෂන් ලකුණු 19 රැස්කළේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.