ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වඩාත් යහපත් පාලනයක් ස්ථාපිත කිරීමට සහ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා එකඟ වී තිබේ.
ඒ අනුව එම ලිපියට අත්සන් තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් කිහිප දෙනකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවල හිටපු සභාපතිවරුන් අද (04 වැනිදා) පස්වරුවේදී ක්‍රීඩා ඇමතිවරයා හමුවීමට නියමිතය.
ජූනි 10 දාතමින් යුතුව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් වන උපාලි ධර්මදාස, ජයන්ත ධර්මදාස සහ ආනා පුංචිහේවා යන මහත්වරුද ක්‍රිකට් අතුරු කමිටුවල හිටපු සභාපතිවරුන් වූ සිදත් වෙත්තමුණි, රියන්සි විජේතිලක, අර්ජුන රණතුංග සහ විජය මලලසේකර යන මහත්වරුද අත්සන් තබා තිබිණ. මෙම ලිපියට අත්සන් තැබීම සඳහා හේමක අමරසූරිය මහතාටත් ඉඩක් වෙන්කර තිබූ නමුත් එහි සඳහන් වූයේ අමරසූරිය මහතා විදේශගතවී සිටන බවයි.
හේමක අමරසූරිය මහතා පසුව කියා සිටියේ තමන් එම ලිපියට එකඟ නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින අර්බුදය විසඳීමට අතුරු කමිටු පත්කිරීමෙන් ප්‍රයෝජනයක් අත් නොවන බවත්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.