Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙබස්තියන්ට මුල් ඉනිමේ ජය

සෙබස්තියන්ට මුල් ඉනිමේ ජය

ශනුක අරවින්ද - 2016 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල ඇලවීෂියස් විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් සඳරුවන් ප‍්‍රනාන්දු (59) සහ ප‍්‍රවීන් පෙරේරා (54) අර්ධ ශතක ලබාගත් අතර ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල් පළමු ඉනිමේදී ලකුණු 90 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 48 ක් රැස්කරමින් දස්කම් දැක්වීය.

ඇලවීෂියස් විදුහල පළමු ඉනිම -  ඕවර 78.1 කදී සියලූ දෙනා දැවී 214
(නවිඳු නිර්මාල් 90, අෂේන් බණ්ඩාර 40, ප‍්‍රබෝධ ගුරුගේ 39, ප‍්‍රවීන් ජයවික‍්‍රම 67/4, නිමේෂ් බණ්ඩාර 43/3, තෂික පෙරේරා 18/2)

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම -  ඕවර 53 කදී කඩුලූ 7 ක් දැවී 249
(සඳරුවන් ප‍්‍රනාන්දු 59, ප‍්‍රවීන් පෙරේරා 54, නිමේෂ් බණ්ඩාර නොදැවී 44, නුවනිඳු ප‍්‍රනාන්දු 39, සජිත් සංකල්ප 50/4, ගිහාන් නිරෝෂන් 42/2) 

ඇලවීෂියස් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 66 කදී කඩුලූ 6 ක් දැවී 187
(රවිඳු සංජන 62, නවිඳු නිර්මාල් 48, අශේර් වර්ණකුලසූරිය 37/2, ප‍්‍රවීන් ජයවික‍්‍රම 47/2)

 


අදහස් (0)

සෙබස්තියන්ට මුල් ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.