Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුජීවට උසස්වීමක්

සුජීවට උසස්වීමක්

editorial - 2021 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මෙහෙයුම් කමිටුවේ කටයුතු කරන එකම ශ්‍රී ලාංකිකයා වන ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු සුජීව විජේනායක මහතා එහි බේස්බෝල් හා සොෆ්ට්බෝල් තාක්ෂණික මෙහෙයුම් කමිටුවේ ප්‍රධාන කළමනාකරු ලෙස උසස්වීමක් ලබා තිබේ. අද (18) මෙම පත් කිරීම කරන විට ඔහු එම උප කමිටුවේ කටයුතු කළේ නියෝජ්‍ය කළමනාකරු ලෙසනි.

සුජීව විජේනායක මහතා ටෝකියෝ නුවර සිට ‘ලංකාදීප’යට පැවැසුවේ, ජපානය, ඇමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉතාලිය ආදී ලොව ප්‍රබලතම රටවල් රැසක් මෙවර ඔලිම්පික් බේස්බෝල් තරගාවලියට තරග වදින අතර බේස්බෝල් ක්‍රීඩාව උසස් තැනක නැති ශ්‍රී ලංකාව වැනි රටක පුරවැසියකු ලෙස තමන් තරගාවලියේ වැදගත්ම තනතුරක් වන තාක්ෂණික කළමනාකරු ලෙස පත්වීම සතුටු වන කරුණක් බවයි.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ නිල සමාරම්භක උත්සවය ලබන සිකුරාදාට (23) යෙදී තිබුණත් එහි ක්‍රීඩා ඉසව් ආරම්භ කරමින් බේස්බෝල් හා සොෆ්ට්බෝල් තරගාවලිය මෙම 21 වැනිදා සිට අගෝස්තු 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

සුජීව විජේනායක මහතා ලෝක ශූරතා, පොදු රාජ්‍ය මණ්‍ඩලීය හා ආසියානු ශූරතා යන ලොව ප්‍රමුඛතම අන්තර්ජාතික බේස්බෝල් තරගාවලි රැසකදී විනිසුරුවරයකු ලෙස කටයුතු කළ අයෙකි. ජපානයේ දැනට වෙසෙන එකම අන්තර්ජාතික බේස්බෝල් විනිසුරුවරයා ද වන ඔහු වසර 2019 පැවැති ශ්‍රී ලංකාව ශූරතාව දිනාගත් බටහිර ආසියානු  බේස්බෝල් තරගාවලියේ තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කළේය.

 


අදහස් (0)

සුජීවට උසස්වීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.