Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුඛිත මනෝජ් ඡන්ද 1500 සීමාව පසුකරයි

සුඛිත මනෝජ් ඡන්ද 1500 සීමාව පසුකරයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2019) හත්වැනි සතිය නිමාවන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සුඛිත මනෝජ් ඡන්ද 1500 සීමාව පසුකර යෑමට සමත් සිටියි. ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 207 ත් සමගින් මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 1544 කි.

සුඛිතට වඩා ඡන්ද 1010 ක් පසුපසින් සිටින නාලන්දා විදුහලේ ලක්ෂිත රසාංජන, මේ වන විට ඡන්ද 534 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද ගොන්නට අලුතින් ඡන්ද 98 එක්කර ගැනීමට ඔහුට හැකිවිය.

ගාල්ල මහින්ද විදුහලේ සහ මහනුවර ත්‍රිත්ව විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනකු වන නවෝද් පරණවිතාන සහ අභිෂේක් ආනන්ද පිළිවෙලින් ඡන්ද 480 ක් සහ 264 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.

නැගී එන කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින ගම්පහ ශාන්ත පීතර විදුහලේ විෂල් රුක්ෂාන් ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාව 978 සිට 1552 දක්වා ඉහළ දමාගෙන තිබේ. ඔහුට වඩා ඡන්ද 632 ක් පසුපසින් සිටින නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ තරුෂ සඳරුවන් ඡන්ද 920 ක් සමගින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.

තරගයට ඇතුළත් වූ සතියේදීම බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූ රත්ගම දේපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී, ඡන්ද 101 ක් ලබා තවදුරටත් එම කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර නුගේගොඩ අනුලා විදුහලේ සිත්මි නිරාෂා ඡන්ද 36 ක් සමගින් එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. www.dialog.lk/cricket/register  යන වෙබ් අඩවියට පිවිසීමෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම තරගය සඳහා ලියාපදිංචි විය හැකිය.

කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ.  

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ
1 චන්දන පෙරේරා, 317/ජේ/1, මලසිංහගොඩ පාර, හෝකන්දර නැගෙනහිර
2 ප්‍රභාත් කුමාර, 174/3, කන්දෙ විහාර පාර, ඕපනායක
3 එච්.බී.එම්. ඉන්ද්‍රදාස, වෑමුල්ල, නුගතලාව
4 මාලනී සුනිර්මලා, 487/1, රන්මුතුගල, කඩවත


- 036

 


අදහස් (0)

සුඛිත මනෝජ් ඡන්ද 1500 සීමාව පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.