
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 29-22 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ඊයේ (2 වැනිදා) සමත් විය.
මෙවර අන්තර් සමාජ පළමු පෙළ ලීග් තරගාවලිය තුළ මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු අවස්ථාවේදීද ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 38-05 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්. කණ්ඩායම සමත්ව සිටියේය. අනතුරුව සී.ආර්. කණ්ඩායම ලීග් තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගත් අතර ගුවන් හමුදාව එහි පළඟ ශූරතාව දිනාගත්තේය.
ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති මෙම අවසන් පූර්ව තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 22-07 ක් ලෙස පෙරමුණ ගැනීමට සී.ආර්. ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී සී.ආර්. ක්‍රීඩකයන් ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර ගුවන් හමුදා ක්‍රීඩකයන් ලකුණු රැස්කළේ ගෝල දිනුමක් මගිනි.
දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් මගින් සිය ලකුණු සංඛ්‍යවට තවත් ලකුණු 7 ක් එක්කර ගැනීමට සී.ආර්. ක්‍රීඩකයන් සමත් වෙද්දී, ගුවන් හමුදා ක්‍රීඩකයෝ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු 15 ක් රැස්කිරීමට සමත් වූහ. කෙසේ වුවත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 29-22 ක් ලෙස තරගයේ ජය සී.ආර්. කණ්ඩායම සතුවිය.
සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් චතුර සෙනෙවිරත්න, පසිඳු බණ්ඩාර, ඔමල්ක ගුණරත්න සහ නායක ලසිඳු කරුණාතිලක උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් 3 ක ප්‍රවර්ථන සහ දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට තේනුක නානායක්කාර සමත් විය. පොලිසිය වෙනුවෙන් නිර්මාල් වික්‍රමසිංහ, ශාමික කෞෂාන් සහ පැතුම් පීරිස් උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් දෙකක ප්‍රවර්ථන සහ දඬුවම් පහරක් සාර්ථක කරගනු ලැබුවේ කවීෂ කළුආරච්චි විසිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.