Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හත්වැනි සහ අවසන් සතියේ තරග ආරම්භ කරමින් වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (26) පැවැති තරගයේදී නාවික හමුදා පිල ලකුණු 76-13 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් විය.
කොළඹ ප‍්‍රධානතම රග්බි සමාජයක් වන සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල මෙවර තරගාවලියේ තරග 14 ම පරාජයට පත්වීම මෙහිදී කැපී පෙනෙන සිද්ධියක් බවට පත්විය.
නාවික හමුදා පිල මෙම ජයග‍්‍රහණයත් සමඟ තරග 7 ක් ජය ලබා සිවුවැනි ස්ථානයට පත්විය.
ජයග‍්‍රාහි නාවික හමුදා පිල ගෝල 8 කින් සහ උත්සහක දිනුම් 4 කින් ලකුණු රැස්කර ගත්තේය. සී. එච්. පිල උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.
නාවික හමුදා පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 38-5 ක් ලෙස පෙරමුණේ පසුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.