Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ අද (28) සමත් වූහ.
කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී අද පැවැති සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී මෙවර ලීග් අනු ශූරයන් වන සාන්ත තෝමස් විදුහල් පිල ලකුණු 43-10 කින් මරදාන සහිරා විදුහල් පිල පරාජය කළේය.
ජයග‍්‍රාහි සාන්ත තෝමස් විදුහල් පිල ගෝල 4 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැුස්කර ගත්තේය. සහිරා විදුහලට ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
ප‍්‍රබල සාන්ත තෝමස් විදුහල් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-7 ක් ලෙස පෙරමුණ ගත්තේය.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඉසිපතන විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර ලබන 2 වැනිදා ද, දෙවැනි අවසන් පූර්ව තරගය රාජකීය විදුහල සහ සාන්ත තෝමස් විදුහල අතර ලබන 3 වැනිදා ද, රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.