‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ තරගයකදී මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් ලබාගැනීමට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අද (8 වැනිදා) සමත්විය. මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
චේතක දෙනුවන් (57) සහ රුශිර ලක්වින් (නොදැවී 54) සාන්ත සර්වේශස් විද්‍යාලය වෙනුවෙනුත් රවිඳු ප්‍රනාන්දු (85) මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙනුත් අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
මාරිස්ටෙලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60.5 කදී සියලුදෙනා දැවී ලකුණු 173
(රවිඳු ප්‍රනාන්දු 85, තිළිණ පෙරේරා 28, පසිඳු මනුප්‍රිය 16/4, ශෂික දුල්ශාන් 55/3, චරිත් හර්ෂණ 15/2)
සා.සර්වේශස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45 කදී සියලුදෙනා දැවී ලකුණු 122
(චේතක දෙනුවන් 57, රවිඳු ප්‍රනාන්දු 33/4, අශාන් ප්‍රනාන්දු 02/2, අවීශ කේෂාන් 17/2, පසිඳු උස්හෙට්ටි 28/2)
මාරිස්ටෙලා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 28.4 කදී සියලුදෙනා දැවී ලකුණු 97
(රවිඳු ප්‍රනාන්දු 35, කෙවින් පෙරේරා 31, මතීෂ මදුශාන් 14/2, රුවින්ද රෝචන 14/2
සා.සර්වේශස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 46.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 149
(රුශිර ලක්වින් නොදැවී 54, ශෂික දුල්ෂාන් 45, රවිඳු ප්‍රනාන්දු 61/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.