ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ ස්කොෂ් ඉසව්වට සහභාගීවූ ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවෝ සියලුදෙනාටම අද (23 වැනිදා) පැවැති තරගවලදී පරාජයට පත්වීම නිසා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුහ.
අද පැවැති පිරිමි කේවල 32 දෙදෙනාගේ වටයේ තරග වලදී ඉන්දියාවේ ගෝසාල් සවුරව් හමුවේ මොහොමඞ් ශමිල්ද, මැලේසියාවේ අඞ්නන් නෆිස්වාන් හමුවේ රවිඳු ලක්සිරිද තරග වට 3-0 ක් ලෙස පරාජයට පත්වූහ.
ජපානයේ වටනාබේ සටෝමී හමුවේ ඉසඩීන් ෆාතිමා සහ මැලේසියාවේ සුබ්රමනියම් සිවසංගරී හමුවේ මිහිලියා මෙත්සරණි තරග වට 3-0 ක් ලෙස පරාජයට පත්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.