ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංධාන රාජ්‍ය අමාත්‍යංශය සහ ඩිලාන් පෙරේරා සහයෝගිතා පදනම එක්ව පළමු වරට සංවිධානය කරන සහෝදරත්වයේ ක්‍රීඩා උළෙල (2016) මේ මස 24 වැනිදා බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙහි සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවීමට නියමිතය.
ක්‍රීඩා උළෙලේදී මහවැලි, කැලණි, වලවේ සහ නිල්වලා ලෙස නිවාස හතරකට බෙදී පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2900 ක් පමණ තරග වදිති. වොලිබෝල්, දැල්පන්දු, පාපන්දු, ක්‍රිකට් සහ මලල ක්‍රීඩා ආදී ක්‍රීඩා රැසක් පැවැත්වෙන අතර වයස් කාණ්ඩ පහකින් තරග ක්‍රියාත්මකවේ.
මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු, රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් ආදී මැති ඇමැතිවරු රැසක් මෙම අවස්ථාවට සහභාගිවෙති.
සිලෝන් බිස්කට් ආයතනය අනුග්‍රහය දක්වන මෙම ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිතය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.