Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සය සාමාජික ක‍්‍රිකට් හෙට

සය සාමාජික ක‍්‍රිකට් හෙට

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විෂන් ක‍්‍රීඩා සමාජය අටවැනි වරටත් සංවිධානය කරන ඇමැති රංජිත් සියඹලාපිටිය අභියෝග කුසලාන සය සාමාජික සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලිය හෙට (11) රඹුක්කන අශෝක කරුණාරත්න ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් 80,000 ක් ද, අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 40,000 ක් ද පිරිනැමේ. තරගාවලිය සඳහා කණ්ඩායම් 16 ක් පමණක් සහභාගිකර ගන්නා බව සංවිධායකයෝ පවසති.

තරගාවලියේ වීරයා, අවසන් තරගයේ වීරයා, දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම පන්දු රකින්නාට මුදල් ත්‍යාග පිරිනැමේ. අවසන් මහා තරගය විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට පස්වරු 4.30 ට පැවැත්වීමට නියමිතය.


- 090

 


අදහස් (0)

සය සාමාජික ක‍්‍රිකට් හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.