ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අද (23 වැනිදා) පැවැති බැඩ්මින්ටන් පිරිමි යුගල තරගාවලියේ මූලික වටයේ තරගයකින් ජයගැනීමට සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක සමත්වූහ.
මැකාවූ දූපත්හී පුයි චේ සහ පාන්ග් ෆොන්ග් තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්කළ සචින් සහ බුවනෙක පළමු වටය 21-11 ක් සහ දෙවැනි වටය 21-8 ක් ලෙස ජයගනිමින් පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ඔවුන් සමත්වූහ.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව අනිද්දා (25 වැනිදා) තරග වැදිමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.