Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සංචිතය පුළුල් කිරීමට අවසර

සංචිතය පුළුල් කිරීමට අවසර

editorial - 2021 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වනවිට ලොවපුරා පවතින කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වයන් සලකා බැලීමෙන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරනු ලබන ජ්‍යෙෂ්ඨ තරගාවලියන්හි කණ්ඩායමකට ඇතුළත්වන සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කිරීමට අවසර හිමිව තිබේ. ඒ අනුව තරගාවලියට එක්වන රටක සංචිතය සඳහා ක්‍රීඩකයන් හෝ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයින් ගණන තවත් 7 කින් වැඩි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ, ක්‍රිකට් කමිටු ප්‍රධානී අනිල් කුම්බල් මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති රැස්වීම්වලින් පසුව මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරුණි.

මෙතෙක් පැවැති නිතීයට අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ජ්‍යෙෂ්ඨ තරගාවලි සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු (සමස්තය 23ක්) සංචිතයකට ඇතුළත් කිරීමට අවසර තිබිණ. එහෙත් නව වෙනස් කිරීමත් සමගින් එම සාමාජිකයන් සංඛ්‍යාව 23 සිට 30ක් දක්වා ඉහළ නැංවීමට අනතර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන ඇත.

නව නීතියත් සමග මෙම වසරේ පැවැත්වෙන අයි.සී.සී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට සංචිතයකට ක්‍රීඩකයින් 22 දෙනෙකු නම් කිරීමේ හැකියාව පවතී.

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ද මෙම අයි.සී.සී රැස්වීම්වලදී සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී බදු විධිවිධාන සහ වීසා පිළිබද සහතිකයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග ධනාත්මක සාකච්ඡා සිදු වන බවද ජාත්‍යන්තර ක්‍රිකට් සභාව නිවේදනය කර තිබේ.


- 2079

 


අදහස් (0)

සංචිතය පුළුල් කිරීමට අවසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.