Last Update  :  2025-12-23 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිංහයන්ගේ සටන විසඳුමකින් තොරයි

සිංහයන්ගේ සටන විසඳුමකින් තොරයි

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය හා දෙහිවල එස්.ද.එස් ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී දෙවන වරටත් පැවති ‘සිංහයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (25 වැනිදා) අවසන්විය.

කාසියේ වාසිය දිනාගත් එස්.ද.එස් ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයට ආරාධනා කළ අතර කඩුලු 9කට ලකුණු 250 ක් රැස්කළ ඔවුන් පළමු ඉණිම අත්හිටු වීමට තීරණය කළහ.

වාද්දුව මැදි විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අමිල තුරුවන් ශතකයට ලකුණු 6 ක් මෙපිටින් දැවීයාම හේතුවෙන් වාර්ෂික මහ ක්‍රිකට් තරගයකදී ලබාගැනීමට තිබූ ශතකය අහිමිව ගියේය.

චමිදු හංසක ලකුණු 82 කට කඩුලු 5 ක් දවාගනිමින් එස්.ඩි.එස් ජයසිංහ විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර සංකල්ප පෙරේරා ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගත්තේය.

පිළිතුරු ඉනිම ඇරඹූ එස්.ද.එස් ජයසිංහ විද්‍යාලයට සියලු දෙනා දැවී පළමු ඉනිම සදහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101 පමණි. ලකුණු 47 ක් රැස්කළ ෂෙහාන් තන්තුෂ් එස්.ද.එස් ජයසිංහ මැදි විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වාද්දුව මැදි විදුහලේ රුචිර පෝෂිත ලකුණු 35 කට කඩුලු 6ක් දවාගනිමින්  එස්.ද.එස් ජයසිංහ මැදි විදුහලට දණ ගැස්වීමට සමත්විය.

ලකුණු 149 ක් පසුපසින් සිටි එස්.ද.එස් ජයසිංහ මැදි විදුහල පිට පිට සිය දෙවැනි ඇරඹූ අතර තරගයේ දෙවැනි දිනය අවසන් වනවිට ලකුණු 82 කට කඩුලු 9 ක් දැවී තිබුනද තරග පරාජයෙන් ගැලවීමට ඔවුන්ට හැකිවිය.

සදුන් ලක්මාල් ලකුණු 22 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර හරිත තුෂාන් ලකුණු 08 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.
 
වාද්දූව ම.ම. විද්‍යාලය - පළමු ඉණිම - ඕවර 78 කදී කඩුලු 9ක් දැවී 250 
(අමිල තුරුවන් 94, දිමුතු ධනංජය 33, චමිදු හංසක 5/82, සංකල්ප පෙරේරා 2/22 ) 

එස්.ද.එස්. ජයසිංහ ම.ම. විද්‍යාලය - පළමු ඉණිම - ඕවර 60.5 කදී සියලුදෙනා දැවී 101 
(ෂෙහාන් තන්තුෂ් 47, රුචිර පෝෂිත 6/35, හරිත තුෂාන් 2/13)

එස්.ද.එස්. ජයසිංහ ම.ම. විද්‍යාලය - දෙවැනි ඉණිම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 82 
(රවිදු උදයංග 21, සදුන් ලක්මාල් 5/22, හරිත තුෂාන් 2/08 ) 

 

- 024


අදහස් (0)

සිංහයන්ගේ සටන විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.